පකිිස්ථාන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් මහතා ඇතුළු දුත පිරිසක් සිව් දින නිල සංචාරයක් සදහා අද සවස විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.
දිවයිනට පැමිණි දුත පිරිස අතර ජෙනරාල් රහීල් ෂරීෆ්ගේ බිරිද බිගුම් ෆාරිහා රහීල් මහත්මිය, මේජර් ජෙනරාල් අසාර් අබ්බාස්, , කර්නල් මොහොමඩ් කුසීම් සහ කපිතන් උමේර් සජාඩ් සමන් යන නිලධාරීහු වෙති.
කටුනායත ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය විසින් දිවයිනට පැමිණි පකිස්ථානු යුද හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් සහ බිගුම් ෆාරිහා රහීල් මහත්මියව ඉතා උණුසුම් අයුරින් පිළිගත්හ.
ජෙනරාල් රහීල් ෂරීප් මෙහි රැදී සිටින කාලය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු මෙරට මැති ඇමතිවරුන් සහ ආරක්ෂක ප්‍රධානීන්ද හමුවීමට නියමිතය.
එමෙන්ම ජෙනරාල් රහීල් ෂරීෆ්ට හෙට (6) සෙනසුරාදා උදෑසන යුද හමුදා මූලස්ථානයේ දී ආචාර සම්මාන මුරයක් ද පිරිනැමීමට නියමිත අතර, යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් බිගුම් ෆාරිහා රහීල් මහත්මිය පිළි ගැනීමේ උත්සවයක් ද සංවිධානය කර ඇත.
තවද, පකිස්ථාන යුද හමුදා ප්‍රධානියා මෙම සංචාරය අතරතුර දියතලාව යුද හමුදා විද්යා පීඨයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමට නියමිත අතර, මහනුවර දළදා මාළිගාව නරුඹීමට ද නියමිතය.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පකිස්ථාන හමුදා ලොක්කාට හරසර
ඉසුරන්දි Sunday, 07 June 2015 04:23 AM
පකිස්තානය අපේ රටට බොහොම වැදගත් රටක්. රාජතාන්ත්‍රික වශයෙන් අපේ හැම කටයුත්තකටම සහයෝගය දුන්නේ දෙන්න ඉන්නේ මේ වගේ රටවල් තමයි. (ර)
නුවන් Saturday, 06 June 2015 09:10 AM
සමන්, එහෙමද? මට මතක් වෙනවා කලකට ඉහිත මුෂාරෆ් ලංකාවට ඇවිල්ල ආපහු යන්න ගිහින් වෙච්ච සංහිදිය. මිනිහා අන්තිමට රටේ බලය අල්ල ගත්තා නොව. (නදී)
දුමින්ද Saturday, 06 June 2015 02:46 AM
මුළු හදින්ම අප සමඟ සිටින අපිට වටින රටක් (නි)
සමන් දකුණු අප්‍රිකාව Friday, 05 June 2015 01:47 PM
ඔහු ඉතාම ජනප්‍රිය කෙනෙක් සාමාන්‍ය පකිස්තානුවන් අතර. අද උදේ සිටම අප සමාගමේ සේවය කරන පකිස්තානුවන් මට කිවුවා ඔහු ප්‍රවේශමෙන් නැවත සිය රට එවන ලෙසට (නි)