IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාකිස්තාන් ආධාර රැගත් ගුවන් යානයක් පැමිණේ

(ටී.කේ.ජී.කපිල )

පකිස්තානු රජය විසින් පරිත්‍යාග කළ ආපදා ආධාර රැගත් පළමු ගුවන් යානය අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම ගුවන් යානයෙන් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා විශේඥ පුහුණුව ලද භටයන් 47 දෙනකු සහ ඉව කිරීම් මගින් පුද්ගලයන් සොයා ගැනීම පිළිබද පුහුණුව ලත් සුනඛයන් 04 දෙනකු ද රැගෙන විත් තිබුණි .

මීට අමතරව පවුල් කූඩාරම් , බ්ලැන්කට් , ඇද ඇතිරිළි , ජීවිතාරක්ෂක කබා , පිම්බෙන බෝට්ටු , ජලය ඉවත් කරන පොම්ප , ලාම්පු , පැදුරු , මදුරු දැල් , ළදරු කිරිපිටි , වියළි ආහාර සහ ඖෂධ තොගයක් ද එම ගුවන් යානය විසින් රැගෙන විත් තිබුණි .

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් මේජර් ජනරාල් ෆහීම් අල් අසීස් මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනක රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

 



අදහස් (2)

පාකිස්තාන් ආධාර රැගත් ගුවන් යානයක් පැමිණේ

ජයනාත් Thursday, 04 December 2025 07:16 AM

සුනාමි ආධාර වගේ මේ ආධාරත් පිල්ලි ගහන්නේ නැතිව ජනතාව අතරට පත්වේවා...

:       0       0

fairoos Thursday, 04 December 2025 11:39 AM

බොහෝම ස්තූතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site