බංගලාදේශයේ ”බංග්ලා” ජාතික ක‍්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති ආසියානු කුසලාන දිවා-රාත‍්‍රී එක්දින තරගයේදී විශ්මිත පිතිහරඹයක නිරත වූ ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට එරෙහිව කඩුලූ හයක විශිෂ්ට ජයක් ලැබීය.
එක්දින තරග ඉතිහාසයේ අසීරු ඉලක්ක හඹා යාමේ ශූරයන් බවට පත්ව සිටින ඉන්දියාව ඊයේ තරගයේදී ප‍්‍රතිවාදී පාකිස්ථානය පන්දු වාර 49.5ක දී කඩුලූ හයකට රැස් කළ ලකුණු 328 පන්දුවාර 47.5ක දී කඩුලූ හයක් ඉතිරිව තිබියදී ඉක්මවා යමින් මෙම විශිෂ්ට ජයග‍්‍රහණය වාර්තා කළේය.
මෙම තරගයේ ජයග‍්‍රහණයේද නියමුවා වූ ඉන්දීය පිතිකරු විරාට් කෝලි පන්දු 148ක් පමණක් වැය කරමින් ලකුණු 183ක් රැස් කළේය. ඊට ඇතුළත් වූ හතරේ පහර ගණන 22කි. එක් හයේ පහරක්ද ඊට අන්තර්ගත විය.
ජයග‍්‍රාහී ඉලක්කය හඹා යාමේදී කෝලි රෝහිත් ෂර්මා සමග එකතුව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 172ක සම්බන්ධතාවයක් පැවැත්වීය.
ඕස්ටේ‍්‍රලියාවේ පැවැති කොමන්වෙල්ත් තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවට එරෙහිව මෙවැනිම අසිරු ඉලක්කයක් අදහාගත නොහැකි අයුරින් හඹා ගිය ඉන්දියාව එහිදී කඩුලූ හතක ජයක් ලැබීය.
එම තරගයේදී විශේෂිතම සිදුවීම වූයේ ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 320 පන්දුවාර 36.4ක් පමණක් වැය කරමින් ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඉන්දියානුවන් සමත්වීම ය.
එහිදීත් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් කළේ ඊයේ තරගයේදී පාකිස්ථානයේ අපේක්ෂා සුන්කළ ටිරාට් කෝලි පන්දු 86කදී ලකුණු 133ක් ලබමිනි.
කෙසේ වුවත් කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තානු පිල ද ඊයේ ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථක පිතිහරඹයක නිරත විය.
එහිදී මොහොමඞ් හෆීස් පන්දු 173කදී ලකුණු 105ක්ද නසීර් ජම්සාද් පන්දු 104කදී ලකුණු 112ක්ද රැස් කිරීමට සමත් වූහ.
ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සත්කාරක බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තවත් තරගයක් හෙට (20) පැවැත්වේ. මේ වනවිට තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනට අනුව ඉන්දියාවේ ඊයේ ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකාවට අවසන් මහ තරගයේ බලාපොරොත්තු තවදුරටත් අත්හැර දැමීමට සිදුවී තිබේ.
පාකිස්ථානය පන්දුවාර 49.5කදී කඩුලූ 6 ට 328 (මොහොමඞ් හෆීස් 105, නසීර් ජම්සාද් 112, උමාර් අක්මාල් 28, යුනිස් ඛාන් 52, ප‍්‍රවීන් කුමාර් 77/2, අශෝක් ඩින්ඩා 46/2).
ඉන්දියාව පන්දු වාර 47.5කදී කඩුලූ 4ට 330 (සචින් තෙන්ඩුල්කාර් 52, විරාට් කෝලි 183, රෝහිත් ෂර්මා 68, සුරේෂ් රයිනා නොදැවී 12, උමාර් ගුල් 65/2).
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පකිස්තානය හඹාගිය ඉන්දියාව තවත් විශ්මිත ජයක් ලබයි