එකළොස්වැනි ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවැනි වරටත් දිනා ගැනීමට පාකිස්තාන් ක‍්‍රීඩකයෝ සමත්වුහ. මීර්පූර්’හි ශියා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී අද (22) පැවැති අවසන් මහා තරගයෙන් සත්කාරක බංග්ලාදේශ පිල පරදවා ලකුණු 2 ක තියුණු ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත්විය.
බංග්ලාදේශ පිලට අවසන් ඕවරයේදී ලකුණු 9 ක් ලබා ගැනීමට තිබු අතර අවසන් ඕවරය යැවු අෂීස් චීමා අවසන් පන්දුවට ලකුණු හතරක් ලබා ගැනීම දක්වා බංග්ලාදේශ පිතිකරුවන්ට පීඩනය යොමු කළේය. එහිදී බංග්ලාදේශ පිතිකරුවන්ට ලබාගත හැකි වුයේ ලකුණු දෙකකි.
ආරම්භක පිතිකරු තමිම් ඉක්බල් (60) සහ සකීබ් අල් හසන් (68) අර්ධ ශතක ලබමින් මෙම තරගයෙදිත් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළහ. සකීබ් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් අතර සයීඞ් අෆ්රිඞී අවසන් තරගයේ වීරයා විය.
පාකිස්තානය 2000 වසරේදී ආසියානු කුසලානය දිනා ගැනීමට සමත්ව තිබේ.
පාකිස්තානය ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 236 (මොහොමඞ් හෆීස් 40, උමර් අක්මල් 30, හමාද් අසාම් 30, සහීඞ් අෆ්රිඩි 32, සර්ෆාස් අහ්මඞ් නොදැවී 46, මස්රාෆි මොර්ටාෂා 48/2, අබ්දුර් රසාක් 26/2, සකීබ් අල් හසන් 39/2)
බංග්ලාදේශය ඕවර 50 කදී කඩුලූ 8 ට 234 (තමිම් ඉක්බල් 60, නසීර් හොසේන් 28, නසිමුදීන් 16, සකීබ් අල් හසන් 68, මහමදුල්ලා නොදැවී 17, මස්රෆී මොර්තාසා 18, උමාර් ගුල් 65/2, සයීඞ් අජ්මල් 40/2, අෂිස් චීමා 46/3, සයීඞ් අෆ්රිඞී 28/1)
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානය දෙවැනි වරටත් ආසියානු කුසලාන දිනා ගනියි
ක්‍රිශාන්ත ද සිල්වා Friday, 23 March 2012 12:26 AM
ලංකාව ලෝක කුසලානය පාවා දුන්නා වගේම ආසියානු කුසලානයත් පාවා දුන්නා. අපරාදේ බංගලාදේශයට දිනන්න තිබුණා.