IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාකිස්තානයේ අබිරහස් රෝහයක් පැතිරෙනවා

පාකිස්තානයේ කරච්චි නුවර, අබිරහස් රෝගයන් පැතිරෙන බවත්, මේවනවිට 18 දෙනකු එම රෝගයෙන් මියගොස් ඇති බවත් එරට මාධ්‍ය පවසයි. මියගිය 18 දෙනාගෙන් වැඩි දෙනා කුඩා දරුවන් බව ද වාර්තා වේ.

කරච්චි පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය මෙන්ම වරාය නගරය ද වෙයි. පාකිස්තාන සෞඛ්‍ය සේවා ප්‍රධානී අබ්දුල් හමීද් ජුමානී මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේ පසුගිය ජනවාරි 10 වැනිදා සිට 25 වැනිදා කාලයේ මරණ වාර්තා වුණු බවය. මියගිය 18 දෙනාගෙන් 14 දෙනකු කුඩා දරුවන්ය.

වෛද්‍යවරුන්ට හඳුනා ගැනිමට අපහසු වුණු මෙම රෝගය පැතිර යන්නේ කරච්චි නුවර, ‘කෙමාරි’ පළාතේ, වෙරළාශ්‍රිත මවාච් ගෝත් පළාතේ ගෝත් නමැති ධීවර ගම්මානය කේන්ද්‍රකොට ගනිමිනි.  මියගිය 18 දෙනා අතර එකම පවුලේ කීප දෙනකු ද සිටින බව ද පැවැසෙයි.

අබිරහස් රෝගය කුමක්දැයි සොයා බැලීමට වෛද්‍ය කණ්ඩායම් කීපයක් යවා ඇතැයි ප්‍රධානී අබ්දුල් හමීද් ජුමානී මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් පැහැදිලි කළේය.

මියගිය 18 දෙනා අවසන් වරට ආහාරයට ගෙන ඇත්තේ සෝයා බෝංචි බව මූලික විමර්ශනවලින් හෙලි වී තිබේ. අබිරහස් රෝගය සහ මරණවලට හේතුව සෝයා බෝංචි විෂ වීමක්දැයි සැක කෙරේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තානයේ අබිරහස් රෝහයක් පැතිරෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site