පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (5) පස්වරු 3.30න් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 4,896ක් ලෙස දැක්විණි.
පාකිස්තානයෙන් කොරෝනා ආසාදිතයන් 4,000 ඉක්මවා වාර්තා වූ තෙවැනි දවස මෙය වූ අතර මේ වනවිට එරටින් අඛණ්ඩව දින තුනක් කොරෝනා ආසාදිතයන් 4,000 ඉක්මවා වාර්තා වී ඇත. පාකිස්තානයෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 82ක් වාර්තා විය.
ඒ අනුව පාකිස්තානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 89,249ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 1,838ක් ලෙස දැක්විණි.
මේ සතියේ මේ දක්වා කාලයේදී පාකිස්තානයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන 19,753ක් වන අතර එය සියයට 22ක වැඩි වීමකි.
දකුණු ආසියානු කලාපයෙන් දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ පාකිස්තානයෙනි. ලොව 17 වැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන්නේ ද පාකිස්තානයයි.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ දකුණු ආසියානු මෙන්ම ආසියානු රට බවට පත්ව ඇත්තේ ඉන්දියාව යි.
බංග්ලාදේශයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 60,391 දෙනකු ද ඇෆ්ගනිස්තානයෙන් 18,969 දෙනකු ද වාර්තා වී තිබිණි.
අල්ජසීරා/ද හින්දු
(055)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාකිස්තානයෙන් දින පහට කොරෝනා ආසාදිතයන් 19,753ක්