IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පක්ෂ දෙකම හොරුන් රකිනවා

ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ රටතුළ සංවාදයක් ඇති කිරීමෙන් ආර්ථික, සමාජීය හා දේශපාලන ගැටළු අමතක කැරවීමේ උත්සාහයක් ඇති බව පෙනෙතියි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වංචා හා දූෂණ චෝදනා ඇති මන්ත‍්‍රීවරුන්වත් සම්බන්ධ කරගනිමින් හවුල් ආණ්ඩුවක් පිහිටුවාගෙන සිටින නිසා බලය රැක ගැනීම වෙනුවෙන් අපරාධකරුවන් රැක ගැනීමේ උත්සාහයක නිරතවීමට එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

චෝදනා පත‍්‍ර දිය යුත්තන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇමැති තනතුරු ලබා දී ඇතැයි කී ටිල්වින් සිල්වා මහතා පසුගිය කාලයේ දූෂණ වංචා කළවුනට එරෙහිව වහා ක‍්‍රියාමාර්ග නොගතහොත් ඊට එරෙහිව විරෝධතා අරඹන බව ද කියා සිටියේය.

රාජපක්‍ෂ රජය බලය යොදාගෙන අපරාධකරුවන් ආරක්‍ෂා කළ බව කී ටිල්වින් සිල්වා මහතා වත්මන් රජය බලය වෙනුවෙන් අපරාධකරුවන් ආරක්‍ෂා කරමින් සිටින බව ද ප‍්‍රකාශ කළේය.

jvp_20161187



අදහස් (0)

පක්ෂ දෙකම හොරුන් රකිනවා

අප්පුහාමි Monday, 18 January 2016 05:22 PM

ජවිපෙ ප්‍රකාශ අහලාම අපිට දැන් අප්‍රසන්න වෙලා තියෙන්නේ. කියවනවා කියවනවා. කරපු දෙයක් නැහැ (නි)

:       0       0

සේනක Monday, 18 January 2016 06:26 PM

දැන්නම් ජේ.වී.පී. යට ආවඩන කට්ටියට ඒ රැස්වීමට යන්න ත්‍රීරෝද රථ පහක් තිබුනහම හොඳටම ඇති. (නි)

:       0       0

සෙබෙස්තියන් Monday, 18 January 2016 12:42 PM

කටේ මසුරන් දාන්න ඕනේ කතාවක් ඒක නම්. (ර)

:       0       0

දුමින්ද Monday, 18 January 2016 01:14 PM

ඔබලා සහතික නිකුත් කරනවා පමණද.? (ර)

:       0       0

ටෙරන්ස් Tuesday, 19 January 2016 01:54 AM

ඉතින් ඔබතුමාලා ඔය ගැන මොනවාහරි කරන්නකෝ (නි)

:       0       0

රොකී Monday, 18 January 2016 01:40 PM

ඇත්ත ඇත්ත! කෝ අර උප්පැන්න සහතික වෙනස් කොරලා අතටම අහුවෙච්ච කෙනා ඔය යහතින් ඉන්නේ? පාස්පෝර්ට් ඩබලක් ගහලා අහුවෙච්ච කෙනා ගිරිය පුප්පාගෙන සිංහයා වගේ වැජඹෙන්නේ? අනේ අනිච්චන්! මේකත් හොරුන්ටම ඇරුණු ආණ්ඩුවක් වගෙයි පේන්නෙ! එහෙම නැත්නම් මේ ගොල්ලෝ හොරුන්ට දඬුවම් කරන්න බයද? (බ)

:       0       0

ලසන්ත Monday, 18 January 2016 02:22 PM

අපි මෙහෙම කිවුවට අපිත් ඉන්නේ ඒ කඩේ ඇතුලෙම තමයි. කියන්න මොනවා හරි ඕනේ නිසා කිවුව කියල හිතා ගන්න. (කෞ)

:       0       0

මහින්ද සෞදි Monday, 18 January 2016 02:49 PM

පහුගිය කාලේ, පනින රිලවුන්ට ඉනිමන් බැන්දේ ඔබලාම නේද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site