(දිලංගා ගෝමස්)
තහනම් කාල සිමාවේ පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ පහක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්. විජේසිංහ මහතා අද (01) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ දෙහිවල පදිංචි මදුප්පුල් ආරච්චිගේ සිරිල් ප්‍රේමසිරි ප්‍රනාන්දු හා වන්නිආරච්චිලාගේ නුවන් පෙරේරා යන පුද්ගලයන් දෙදෙනාය.
බිත්තර සහිත කටු පොකිරිස්සන් 440 ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බව ද අධිකරණයේදී කියැවිණි.
සන්තකයේ තබා ගෙන සිටි පොකිරිස්සන් හාරසිය හතලිහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නැවත මුහුදට මුදා හරින ලෙසත් පොකිරිස්සන් මුදාහරින ආකාරය වීඩියෝ ගත කර ඉදිරි දිනයේදී එම දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් ධීවර නිලධාරීන්ට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ලද තොරතුරකට අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් , වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ඇතුව මෙම වැටලීම ඊයේ (31) දින රාත්‍රියේ සිදු කල බවත් දෙහිවල ප්‍රදේශයේ නිවසක ටැංකි කිහිපයක මෙම බිත්තර සහිත කටු පොකිරිස්සන් රඳවා සිටි බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ධීවර නිලධාරී රජිත දමිත් මහතා පැවසීය. සැප්තැම්බර් , ඔක්තෝම්බර් යන වල මෙම සත්වයින් ඇල්ලීම තහනම් බව ද අධිකරණයේදී කියැවිණි.
මෙම නඩුව ජනවාරි මස 24 දින නැවත කැදවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොකිරිස්සන් ළඟ තබාගත් දෙදෙනාට ඇප