
(රෝෂන් තුෂාර)
උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ දේපළකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක,ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල් වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි සැකකරු ඇප මත මුදාහැරීමටට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
ඉදිරි විමර්ශනයට අදාළ කරුණු නිශ්චිතව සඳහන් නොකර විමර්ශනය අවසන් නොමැති බවට පවසමින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි අල්ලස් කොමිසම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ ඇප නියම කළේය .
රුපියල් 50000 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් සැකකරුට නියම කළ  මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.විදෙස් ගමන් බලපත්‍රයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය .
නෙවිල් වන්නිආරච්චි සැකකරු විසින් වීරකැටියේ වලස්මුල්ල පාරේ අක්කර 03 පර්චස් 38ක විහිදී ඉන්ධන පිරමුම්හල,පල්ලෙ කැලේ ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් 4550500.00ක් වටිනා නිවස,මහරගම ප්‍රදේශයේ ලක්ෂ 125 වටිනා නිවස,දෙමටගොඩ ලක්ෂ 1650000.00 ක නිවස,තිස්සමහාරාම අකුරුගොඩ ප්‍රදේශයේ ඉදිකිරෙමින් පවතින හෝටලය,කෝට්ටේ මාදිවෙල ලක්‍ෂ 400 ක් වටිනා තෙමහල් නිවස ,බෙලිඅත්ත හා වීරකැටිය නගරවල කඩ කාමර ඇතුළු දේපල රැසකට උරුමකම් කීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදු කරයි.
2013 ජනවාරි  01 දින සිට 2014 ජූලි මස 01 දක්වා රුපියල් 64874987.34  උපයා ඇති බවට සඳහන් කර , රුපියල් 93179557 ක් වියදම් කිරීම තුළින්,  වත්කම් බැරකම් වල රුපියල් 28304570.34 ක පරස්පරතාවයක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1770										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1770										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1455										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1455										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නෙවිල් වන්නිආරච්චිට ඇප