
(පියදාස සමරවීර සහ හේමන්ත රණසූරිය)
මගේ නිවෙසේ විදුලිය මාස හතරකට කලින් කැපුවා. සති තුනකට කලින් වතුරත් කැපුවා. කුලි කැඩ කර අප රැක බලාගත් සැමියා අනතුරකින් දින හතරකට පෙර මිය ගියා. අපි දැන් අපා දුක් විඳිනවා යැයි දරුවන් සිවු දෙනකු සමග අසරණව සිටින කැබිතිගොල්ලෑවේ මවක හැඬූ කඳුළින් යුතුව කීවාය.
6 ශ්‍රේණියේ පුතකු, 4 ශ්‍රේණියේ දියණියක සිටින අතර අවුරුදු 02 ක පුතකු හා දින 40 ක පමණ ලේ කැටි පුතකු ද මෙම මවට හදාවඩා ගැනීමට සිදුව ඇත.
ඉල්ලාගත් යතුරුපැදියක් පදවාගෙන යද්දී කැබිතිගොල්ලෑව නගරයේ දී පාර හරහා පැනගිය ගවයකුගේ හැපී බරපතල තුවාල ලබා මියගිය පී.කේ.චතුරංග (34) තම ස්වාමියාගේ අවසන් කටයුතු පසුගිය 27 දා සිදු කළේ ද ප්‍රදේශවාසීන්ගේ සහයෝගය නිසා බව එම මව පවසන්නීය.
පී. අනුරාධා ස්වර්ණමාලී සිවුදරු මව මෙසේ ද කීවාය.
මගේ මහත්තයා එදිනෙදා කුලීවැඩ කරලා තමයි අපිව ජීවත් කළේ. මැයි 12 දා වැඩ කරපු මහත්තයගෙක් සල්ලි වගයක් ඉල්ලා ගන්න තමයි එදා හවස කැබිතිගොල්ලෑව නගරයට ගියේ. ඒ මෝටර් සයිකලය වැඩ කරන තැන එකක්. මගේ මහත්තයා දවස් 13ක් ලෙඩ වෙලා ඉදලා තමයි අනුරාධපුර ඉස්පිරිතාලේ මැරුණේ.
මහත්තයගේ අවසන් කටයුතු කැබිතිගොල්ලෑවේ අය එකතුවෙලා කළා. හැම දෙනාම උදව්කළා. මහත්තයගේ මිනිය ගෙදර ගෙන විටත් ලයිට් කපලා. වතුරත් කපලා. අසල්වාසීන්ගේ උදව්උපකාර ඇතිව ඒවා විසදා ගත්තා.
මම දන්න විදිහට ලයිට් බිල හතලිස් හතර දහසක් විතර ජල බිල විසි තුන්දහසක් විතර වගේ. මගේ මහත්තයා කුලී වැඩට ගිහින් තමයි අපිට කන්න දුන්නේ. දරුවෝ පාසල් යැව්වේ. හැමදාමත් වැඩ නෑ. ඒ නිසා අපට බිල් ගෙවන්න බැරිවුණා. මොකද අපි දරුවන් සමග ජීවත්වුනේ හරිම ආරුවෙන්
බඩගින්නෙ හිටපු අවශ්ථා ඕනතරම්. අපට කුබුරු වතුපිටි නෑ. මේ ගේ කෑල්ල විතරයි. මගේ මහත්තයගේ හත් දවසේ දානය මැයි 30 හා 31 දිනවල. පුලුවන් විදිහට කරනවා.
අපි ජීවත්වුනේ කුඩා කටුමැටි ගෙයක. පසුගිය කාලයේ අපිට ගෙයක් හදාගන්න රජයෙන් ලක්ෂ 06ක් දුන්නා. ඒක අරගෙන මහත්තයා මහන්සිවෙලා තමයි මේ ගෙදර භාගෙට හදාගත්තේ. යැයිද ඇය කීවාය.
මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 071 8358 999 ධම්මකිත්ති හිමියන්ගෙන් හා අප පුවත්පතට (011 247 9212) ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. අසරණ වූ එකී මවට දුරකථන පහසුකම් නොමැත.
පී.අනුරාධා ස්වර්ණමාලා කීර්තිරත්න නමින් කැබිතිගොල්ලෑව මහජන බැංකු ශාඛාවේ අංක 150200130046791 දරන අංකයට ආධාරයක් කිරීමෙන් ඇයට පිහිටක් විය හැකියි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ජාතිය වඳ වෙනවා වැඩිපුර දරුවො හදපල්ලා කියල මොරගහපු අයට අවස්ථාවක් , සාපි වඳ කලා ජාතිය ඉවරයි කියපු අය කට සහ පස්ස වහගෙන හැංගිලාද? කොහොම වෙතත් සල්ලි වලින් කරන්න දෙයක් නැතිව ,දවසට කෑම වේලකට රු විසි දහසක් වැය කරන අයත් මේ සමාජයේ ඉන්නවා කරුණාකට මේ පවුලට උදව් කරන්න. කොන්ක්‍රීට් පිලිම ඇති මේ රටට ,ඒ අයත් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් උදව් කරන්න. ඔය කොන්ක්‍රීට් පිලිම වලට බැහැ ඔබව සුවපත් කරන්න. මනුෂ්‍යට උදව් නොකර.
මේ වෙසක් උත්සව පැවැත්වෙන කාලයේ බුදු ගුණ මෙනෙහි කරමින් මේ අසරණ මවට පිහිටක් වීමට සැදැහැවතුන්ගේ අවධානයට යොමුවේවා පුවත්පත් වාර්තාව මගින් දුරකථන අංක බැංකු ගිණුම් අංක දක්වා තියෙන නිසා අපහසු නැතුව ආධාරයක් කරන්න පුළුවන්
විදුලි බිල් 44000/= ජල බිල් 23000/= විතර වෙනවා කියන්නෙ සාමාන්‍යයෙන් අවුරුදු පහකට ආසන්න කාලයක් නොගෙවා සිටින්න ඇති නැත්නම් ඔතරම් මුදලක් වෙන්න බැහැ මොකද සාමාන්‍යයෙන් අනවශ්‍ය පරිහරණයක් නොකලානම් ඔයිටත් වඩා ලොකු ගෙවල්වල විදුලිය බිල් බොහොම අඩුයි කියලා දන්නවා ජල බිල් නම් නොගෙවා සිටින කොට නොදන්නා හේතු මත වැඩිවෙනවා කියලා දන්නවා ඒත් ඒක වෙනම දෙයක් පුළුවන් කෙනෙක් පුළුවන් හැටියට ඔවුන්ට උදව්වක් කරනවා නම් හොදයි බැරි කෙනෙක් ඩිස්ලයික් දාන්න
ආදායම නැතිව මේ විදියට දරුවන් බිහිවීම පාලනය කිරීමට දැනුම ලබාදීම අත්‍යවශ්‍ය කරුණක්. පවුල් සංවිධාන සංගමය නැවත පනගන්වන්න. මේක ජාතික ව්‍යසනයක්.අවසානයේ දරුවන් අනාථ වෙනව.සමාජය ගැන තරහෙන් ජීවත්වෙනව. මේ බර බදු ගෙවන්නන් පිට වැටෙනව...
අපරාදේ නේ තව දරුවෝ දුසිමක් විතර හදන්න තිබුණේ
දරු පවුල ගැන දුකයි. පුළුවන් ආකාරයට උදවු කරන්න ඕන. හැබැයි මෝටර් සයිකල් පදින උදවිය තමන්ගේ විතරක් නෙවෙයි පාරේ යන උදවියගේ පවුල ගැන වත් හිතන්නේ නැති එක තමයි ගැටලුව.
ඇයට ඉක්මනින්ම උපකාර ලැබෙන වග ස්ථිරයි . මේක ධර්ම ද්වීපය.
මාර මිනිස්සු තමයි ඉන්නේ. අසරණ කෙනෙක් උදව්වක් ඉල්ලුවාම, ඒක නොකර ළමයි හදපු එකේ ඉඳලා ජාතකේ ගැන කතා කරනවා. අපි හිඟා කෑවත්, ලමයි සම්පතක් ලෙස දැන් දකින්න ඕනේ. අපි උදව් කරමු. බණ්ඩා
ධම්මකිත්ති හිමි සහ ලංකාදීප පුවත්පත එක්ව පොදු ආයතනයක් පිහිටුවා මෙවැනි පවුල්වලට උපකාර කල හැකියි.
හාමුදුරුවරු 100 ක් ඉන්නවා අකවුන්ට් එකේ කෝටි 100 ක් තියන
මැරෙයි කියලා බයට දරුවො හදන්නැතුව ඉන්න කියන එක මහ පිස්සු කථාවක්. දරුවෝ හිටියත් මැරෙනවා නැතත් මැරෙනවා. මට තියන ප්‍රශ්ණය ලයිට් බිලයි වතුර බිලයි මෙච්චර වැඩිවුනේ කොහොමද කියලා. තෙරුම් ඇති කෙනෙක් පොඩ්ඩක් හොයල බලන්න. මොකද මාස 4 විදුලිය නැතුව ඉන්නත් පුළුවන් කෙනෙකුට 40000 ලයිටි බිලක් ආව කියන්නේ කොතන හරි වැරදීමක් තියනවා. මම මේක කියන්නේ පුවත්පතේ විස්තර වලට අනුවයි.
අපි හම්බ කෙරුවොත් අපි කනවා කියන නරුම සංකල්පය අනුව ජීවත්වෙන්න දගළන සමාජයක ඒ මවට පිහිට වෙන්න කවුරුවත් සූදානම් නැහැ. ඒ වෙනුවට විදුලි බිලේ සහ ජල බිලේ ප්‍රමාණය සිට දරුවන්ගේ සංඛ්‍යාව ගැන ප්‍රශ්න කරමින් අමන සතුටක් ලබන්නට හා ආධාර උපකාර කිරීම මග හරින්න තර්බක නිර්මාණය කරන්න බහුතරයක් උත්සාහ කරන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ වෙනුවට ලංකාදීපය මැදිහත් වෙලා අරමුදලක් හැදුවොත් අපි හැමෝගේම සහයෝගය ලබා ගන්න හැකි වනු ඇත.
බණ්ඩො, අපි හිඟා කාල දරුවො හදල උන්ට යන්න දිව්‍යලෝකයක් නැහැ, උනුන් හිඟමනට නැත්නම් සමාජ විරෝධීන් වෙනව. ඒකයි දරුවො වදනකොට කල්පනාකාරී වෙන්න ඕන.කියන්නෙ.
උපුල් මට දෙන්න බැරි නිසා තමයි හැකි අයට දෙන්න කියන්නෙ. මගේ අනුන්ට දීල මට යමක් කරගන්න බැරිවෙනකොට කාට කියන්නද?
මේ ගැන අපේ ගඟසිරිපුර සාධුට කියන්න.එතකොට අපි ඔක්කොටම ට්‍රිප් එකක් දාගෙන ගිහින් පිටරටවල් වල ඉන්න අයියල අක්කිලට නැන්දිල මාමිලට දුක විකුණල ගාණක් කඩාගෙන අපේ පේජ්වල රීච් වැඩි කරන් ඉවර වෙලා ඔය පවුලට පොඩි උදව්වක් කරන්න පුළුවන් .අපි හරි ආසයි මේ රටේ ඔය වගේ මිනිස්සුන්ට .එයාල හින්ද තමයි අපේ බිස්නස් එක නැගලම යන්නෙ..මම ඩොට්ට ප්‍රියා..
කරුණාකර ඇයට ඉක්මණින් උදව් කරන්න
පන්සල් වලට නම් දෙන්න එපා . ලොකු වුණාම ලවුඩ්ස්පීකර් දාගෙන අහල පහල මිනිස්සුන්ගේ කන්බෙර පලනවා
මට පුළුවන් විදිහට සුළු ආධාරයක් කළා. හැබැයි බැංකු ශාඛාව කැබතිගොල්ලෑව කියලා පෙන්නන්නේ නෑ. ඒක දාන්න වෙන්නේ අනුරාධපුර කියලා. කරුණාකරලා ඒක හදන්න. නැත්තන් මිනිස්සු කැබතිගොල්ලෑව ශාඛාවක් නැති නිසා, ආධාර නොකර ඉඳියි..
ඉතාම කනගාටුයි... අපේ කාලකන්නි දේශපාලකයන්ට වාහන පර්මිට් ඕනෙලු
පුවත අන්තර්ජාල පිටුවේ පළකිරීමෙන් ඔබගේ ආයතනය සහ ඊට සම්බන්ධ කාර්යමණ්ඩලය කළේ විශාල පිංකමක්. මොකද මේ කාලයේ මේ වගේ දේවල් සොයාගෙන ගිහින් උදව්කරන අය ඉන්නවා. හැකියාවක් තිබේ නම් ඔබගේ මුද්‍රිත පුවත්පතේද මේ කණගාටුදායක පුවත පළකරන මෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා දායකවූ සහ දායකවන සැමට තෙරුවන් සරණයි!!
දැන් මහත්තයා මැරිලත් ඉවරයි, ළමයි හදලත් ඉවරයි, ලයිට්-වතුර කපලත් ඉවරයි, පුළුවන් එවුන් උදව් කරපල්ලා දීල තියෙන තොරතුරු අනුව. බැරි එවුන් ගිහිං, රට වටේ ළමයි හදන දියවන්නාවේ ඉන්න එවුන්ගේ ජාතකේ හෙව්වොත් නරකද? ඇයි, උන්ට විතරද ඔක්කොම පුළුවන්?
ආර්ථිකය මත ගලපමින් දරුවන් සෑදීම සහ උපත් පාලනය පිළිබඳව ජනතාවට මනා අවබෝධයක් නැවත ලබාදිය යුතුයි. හදන ළමයින්ගෙන් මිස නිකම්ම හැදෙන ළමයින්ගෙන් රටකට හෝ ජාතියට ඵලක් නැත. එවිට බිහිවන්නේ මැරයින් සහ හොරුන් පමණි. විදුලිබිල සහ ජල බිල දෙස බැලීමේදී කිසිවක් පාලනයකින් යුතුව අර පරිස්සමෙන් පාවිච්චි කළ බවක් නොපෙනේ. මෙවැනි මිනිසුන්ට ජීවත්වීම සඳහා මුදල් ඉපැයීමට ක්‍රමයක් සකස් කර දිය යුතු අතර කිසිවක් නිකන් ලබා නොදිය යුතුයි. එම වැරැදි ආදර්ශය නිසා ලොව ඉදිරියේ අපි දුක් විඳින රටක් නිර්මාණය කරගෙන ඇත්තෙමු..
මම උදේ පාන්දරම මුදලක් දැම්මා පුලුවන් අය උදව් කරන්න ලස්සන දරු පැටව්
සත පහක් දෙන්නේ නැති හැත්ත තමයි ළමයි හදන හැටියි, පන්සලේ හාමුදුරුවන්ගේ හැටියි, පල්ලියේ ෆාදර්ගෙ හැටියි කිය කිය වැලපෙන්නේ. ඔවුන් පිනක් කර ගන්නෙත් නෑ, කරන කෙනාට කරන්න දෙන්නෙත් නෑ ගොන් හැත්ත. යකෝ දෙන්න සල්ලි නෑ කියන්නේ රීලෝඩ් එකක් දාලා මිනිස්සුන්ගේ මනස කන සල්ලි රුපියල් 100ක් දෙන්න බෑද? ඒ වුණාට නිරාගමිකයින්ගේ කයිය නම් කොහොමද? මනුස්සයෙක්ගේ දුක දැකලා උදව් කරන්න මහන්සි වෙන ලංකාදීප කාර්ය මණ්ඩලයටයි, රුපියලකින් හරි උදව් කරපු උතුම් මිනිසුන්ටයි ජයෙන් ජයම වේවා!
කවුරු කවුරුත් තම බුද්ධියේ තරමෙන් ප්‍රශ්නයක් දෙස බලන කළ, පිනට ලැදි උතුම් මිනිසුන් දැනටමත් එම පවුලට මහත් සේ උපකාර කිරීමට පටන් ගෙන ඇත. ලංකාදීපයට සහ DailyMirror ට ස්තුතියි . පිං... මේක තාම ධර්ම ද්වීපයයි.