
(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
නුවරඑළියට නගරයට පිවිසිය හැකි විකල්ප මාර්ග රැසක් ගමනාගමනය සඳහා මේ වනවිට විවෘත කිරීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව නුවරඑලිය නගරයට පිවිසීම සඳහා එම විකල්ප මාර්ග භාවිතා කළ හැකි අතර එම මාර්ග මෙසේය.
නුවරඑළිය- වැලිමඩ මාර්ගය ලෙස නුවරඑළිය, මීපිලිමාන, අඹේවෙල, පට්ටිපොල, ඔහිය, බොරලන්ද හරහා වැලිමඩට පිවිසිය හැකිය. නුවරඑළිය- මහනුවර මාර්ගය ලෙස නුවරඑළිය, තලවකැලේ, පතන, බෝගහවත්ත, මල්දෙනිය, හරංගල, කොත්මලේ වේල්ල, මාවතුර, ගම්පොල හරහා මහනුවරට හා නුවරඑළිය, තලවකැලේ, හැටන්, ගිනිගත්හේන, නාවලපිටිය, හපුගස්තලාව, හරංගල කොත්මලේ වේල්ල, මාවතුර, ගම්පොල හරහා මහනුවරට පිවිසීමට භාවිතා කළ හැක.
නුවරඑළිය- කොළඹ මාර්ගය ලෙස නුවරඑළිය, තලවකැලේ, හැටන්, ගිනිගත්හේන, අවිස්සාවේල්ල හරහා හෝ නුවරඑළිය හැටන්, බගවන්තලාව, බලංගොඩ හරහා කොළඹට ගමන් කිරීමට භාවිතා කළ හැකි අතර, නුවරඑළිය- උඩපුස්සැල්ලාව දක්වා රාගල හරහා ගමන් කිරීමට හැකිය.
නුවරඑළිය- වලපනේ මාර්ගය ලෙස නුවරඑළිය, කඳපොල, සුරියකන්ද හරහා වලපනේ දක්වා හා නුවරඑළිය- බදුල්ල මාර්ගය ලෙස ඉහත මාර්ගයෙන් වලපනේට ගොස් කීර්තිබණ්ඩාරපුර, රන්දෙණිය, ලොග් ගල්ඔය හරහා බදුල්ලට ගමන් කළ හැකිය.
නුවරඑළියේ සිට මහියංගණය දක්වා ගමන් කිරීමට කඳපොල, සුරියකන්ද, වලපනේ, කීර්තිබණ්ඩාරපුර, රන්දෙණිගල, ලොග් ගල්ඔය හරහා මහියංගණය දක්වා පිවිසිය හැකි අතර, පදියපැලැල්ල- මහනුවර මාර්ගය ලෙස පදියපැලැල්ල, රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත හරහා මහනුවරට ගමන් කළ හැකිය.
නුවරඑළිය- නිල්දණ්ඩාහීන්න මාර්ගය ලෙස කඳපොල, සුරියකන්ද, හරස්බැද්ද, නිල්දණ්ඩාහීන්න හෝ කඳපොල, සුරියකන්ද, වලපනේ හරහා නිල්දණ්ඩාහීන්න නගරයට ගමන් කළ හැකිය. නුවරඑළිය- මඩුල්ල මාර්ගය ලෙස කඳපොල, රාගල, මන්ත්‍රීතැන්න, කොටඹේ, දඹගොල්ල හරහා මඩුල්ල දක්වා ගමන් කළ හැකි අතර, නුවරඑළිය- රූපහ මාර්ගය ලෙස කඳපොල, රාගල, මන්ත්‍රීතැන්න, කොටඹේ හරහා ගොස් රූපහට පිවිසිය හැකිය.
නුවරඑළිය - මොරපේ මාර්ගය ලෙස තලවකැලේ, පතන, බෝගහවත්ත, මල්දෙනිය, හරංගල, කොත්මලේ වේල්ල හරහා මොරපේ දක්වාත්, නුවරඑළිය කටුකිතුල මාර්ගය ලෙස ඉහත සඳහන් මාර්ගයේ ගොස් කොත්මලේ වේල්ල, මාවතුර, අටබාගේ හරහා ගමන් කළ හැකිය.
නුවරඑළිය- පුඬළුඔය මාර්ගය ලෙස තලවකැලේ හරහා පුඩළුඔය පිවිසිය හැකි අතර, රිකිල්ලගස්කඩ මතුරට මාර්ගය ලෙස රිකිල්ලගස්කඩ, පදියපැලැල්ල හරහා මතුරට නගරයට පිවිසිය හැකිය.
නුවරඑළිය- හයිෆොරස්ට් මාර්ගය ලෙස නුවරඑළිය- කඳපොල, බෲක්සයිඩ් හන්දිය හරහා හයිෆොරස්ට් දක්වා පිවිසිය හැකි අතර, දැනට එම මාර්ගයේ ගමන් කළ හැකි වන්නේ කැබ් රථ පමණී.
නුවරඑළිය- මතුරට දක්වා නුවරඑළිය, කඳපොල, බෲක්සයිඩ්, හයිෆොරස්ට් දක්වා කැබ් රථ පමණක් ගමන් කළ හැකි අතර, එතැන් සිට මතුරට දක්වා පා ගමනින් ගමන් කිරීමේ හැකියාව පවතී. නුවරඑළිය- තෙරිපැහැ දක්වා කැබ් රථවලට පමණක් කඳපොල, සුරියකන්ද, හරස්බැද්ද, නිල්දණ්ඩාහීන්න, ඉඹුල පතන පාර හරහා තෙරිපැහැ දක්වා ගමන් කළ හැකිය.
නුවරඑළිය- යටිමාදුර මාර්ගය ලෙස කඳපොල, සුරියකන්ද, හරස්බැද්ද, නිල්දණ්ඩාහීන්න, හෑගම, දෙමටරාව හරහා යටිමාදුර දක්වා කැබ් රථ පමණක් ගමන් කළ හැකිය.
2025 නොවැම්බර් මස 21
313
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
340
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1272
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නුවරඑළියට ළඟා විය හැකි පාරවල් මෙන්න