(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8)තීරණය කළේය.
මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ ලකී ජයවර්ධන යන මහත්වරුන් පිළිබඳ ශෝක යෝජනා විවාදද එදින පැවැත්වේ.
විවාදය එදින පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.
මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය මැයි මස 23 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යනවිට 78 වැනි වියේ පසුවූවාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නිළි රැජිණට මැතිසභා විවාදයක් ලබන 25