IMG-LOGO

නිල නිවසට කරන්න යන දේ කතානායක හෙළිකරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේය.

ජාත්‍යන්තර සම්බන්ධතා, මුල්‍යනීතිය, ආණ්ඩුකරණය යනාදී විෂයයන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරයන්ට අවශ්‍ය දැනුම මෙම මධ්‍යස්ථානය ඔස්සේ ලබාදීමට සැලසුම් කර ඇති බවත් මෙම මධ්‍යස්ථානය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක පර්යේෂණ සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටද යෝජනා කර ඇති බවත්  කථානායකවරයා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

 කථානායකවරයා මේ අදහස් පළකලේ යුරෝපා සංගමය මගින් ක්‍රියාත්මක කරන Inter Pares ගෝලීය ව්‍යාපෘතියේ ප්‍රධානී, ආචාර්ය ජොනතන් මර්ෆි (Dr.Jonathan Murphy) සහ Inter Pares වැඩසටහන් කළමනාකරු, ඉන්ග්‍රිඩ් වෝකර් මහත්මිය (Ms. Ingrid Walker) ඇතුළු දුත පිරිස  පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදීය.

මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

 



අදහස් (1)

නිල නිවසට කරන්න යන දේ කතානායක හෙළිකරයි

Kumara Wednesday, 09 July 2025 12:44 PM

කතානායක නිල නිවස වර්තමාන කතානායකට ඕන ඕන විදියට භාවිතා කරන්න බෑ. ඊළඟට පත්වෙන කතානායක ඕක කනපිට හරවන්න යන වියදම දරන්න වෙන්නෙත් රටේ ජනතාවටමයි.

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site