(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
උඩවළව මළබොටුආර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි බවට සැකකරන යුද හමුදා සෙබළෙක් ඇතුලු පුද්ගලයන් 10 ක් උඩවළව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
උඩවළව පොලීසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව උඩවළව පොලීසිය මෙම වැටලීම කළේය. මළබොටුආර ප්‍රදේශයේ තේක්ක කැලේ දොළක් අයිනේ මෙම කැණීම් කරමින් සිටි බව පොලීසිය පැවසුවේය.සැකකරුවන් සන්තකයේ තිබී වතුර මෝටරයක්, උදලු, අලවංගු, තාච්චි, කඹ ඇතුලු කැණීම් උපකරණ කිහිපයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් යුද හමුදා සෙබළා නාරාහේන්පිට යුදහමුදා මහල් නිවාසවල පදිංචි හමුදා රෝහලේ සේවයේ කරන තිස් හැවිරිදි වියේ පසුවන හමුදා සෙබළෙක් බව ද පොලීසිය පැවසුවේය.
සෙසු සැකකරුවන් නාරාහේන්පිට, බරවකුඹුක, බොරලැස්ගමුව, කොළඹ 05 සහ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අවුරුදු 45ත් 23ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන් බව ද පොලීසිය කීවේය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. උඩවළව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 16
87
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
884
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිධන් හැරූ යුද හමුදා සෙබළා ඇතුළු 10ක් අත්අඩංගුවට