(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම මොරගල්ල රන් සැතපුම වෙරළ තීරයට කිලෝ දෙසිය පනහකට වඩා බර යකඩ බෝයවක් පාවී තිබියදීත් අද (10) සොයා ගත් බව අලුත්ගම මොරගොල්ල සංචාරක පොලිසිය පවසයි.

බේරුවල ප්‍රදීපාගාරය සහ මොරගල්ල කොරල්පර අතර මුහුදු තීරයේ මෙම බෝයාව පාවෙමින් තිබියදී ධීවරයන්  ප්‍රථමයෙන් දැක ඇති අතර ඔවුන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම බෝයාව ගොඩ ගැනීමට කටයුතු කර තිබේ .

මෙලෙස පාවී ඇවිත් තිබෙන බෝයාව මේ වන විට මුහුදුබත් වී ඇති නෞකාවේ එකක් යැයි සැක කරන අතර එය ගොඩ ගැනීමෙන් පසු ධීවර පරීක්ෂකවරුන් කළ නිරීක්ෂණයෙන් හඳුනාගත්තේ එම බෝයාව තාක්ෂණික උපකරණ සහිත එකක් බවය.