
ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඉන්ටුයිටිව් මැෂීන්ස්’ නමැති පෞද්ගලික තාක්ෂණ සමාගම සමඟ එක් වී නිපදවා, සඳට යැවූ රොබෝ චන්ද්‍ර යානය, සඳට පතිත කෙරුණි.
ඇමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී, මේ අයුරින් සඳට යානයක් ගොඩබෑම කළේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී, වසර 52 කට පසුවය. ඇමෙරිකාවේ නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ එක් වී, සඳට රොබෝ යානයක් පතිත කරන පළමු අවස්ථාව මෙයයි.
පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳ ගනිමින්, නාසා ආයතනය නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇති අතර, ඒවා නම් කෙරෙන්නේ, ‘කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස්’ නමිනි. කෙටියෙන් මෙම මෙහෙයුම් හැඳින්වෙන්නේ ‘ක්ලිප්ස්’ යනුවෙනි. ‘පෙරිග්‍රීන්’ යනුවෙන් නම් කළ එම චන්ද්‍ර යානය සඳට කඩා වැටුණු අතර එම මෙහෙයුම අසාර්ථක විය.
සඳේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට පතිත කළේ ‘ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයයි. මෙය ‘ලෑන්ඩර්’ වර්ගයේ රොබෝ යානයකි. යානය පතිත කළේ ‘මැලපර්ට් ඒ’ නමින් නම් කළ චන්ද්‍ර ආවාටයටය.
‘ඔඩිසියස්’ යානය, සඳ බලා යෑම සඳහා පෘථිවි කක්ෂයට රැගෙන ගියේ බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ ‘ෆෝලකන් 9’ වර්ගයේ රොකට්ටුවය. ඒ, පසුගිය පෙබරවාරි 15 වැනිදාය. ‘ෆෝලකන් 9’ ගුවන්ගත වූයේ ෆ්ලොරීඩාවේ කැනවරල් තුඩුවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.