(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නාරංගල කන්ද තරණය කළ 22 දෙනකු පමණ වන සංචාරක කණ්ඩායම් තුනක් අද (04) සවස අධික වර්ෂාව හා දැඩි සුළඟ මධ්‍යයේ දැඩි අවදානමකට ලක්වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
මෙම පිරිස මුදවා ගැනීම සඳහා යුද හමුදා කණ්ඩායමක් එම ස්ථානයට ළඟාවී ඇති බවද එම මධ්‍යස්ථානය පැවසීය.
වර්ෂාව දැඩි සුළඟ හා දැඩි ශීතල ඔවුන් දැඩි අපහසුතාවයට පත්කර ඇති බවද ඔවුන් සමග මේ වනවිට දුරකථන සම්බන්ධතා පවත්වා ගනිමින් සිටින බවද කණ්ඩායම් තුන මේ වන විට තනි කණ්ඩායමකට ගොනුකර සම්බන්ධතා පවත්වා ගනිමින් සිටින බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ හා වැඩිහිටි කණ්ඩායම් මේ අතර සිටින බවද ඔවුන් කූඩාරම් ගසා (කෑම්පින්) විනෝද වීම සඳහා කඳු මුදුනට නැග ඇති බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
නාරංගල කන්දේ අතරමං වූ පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුමක්