IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නාමල්ට එරෙහි පෙත්සමකට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේදී රුපියල් මිලියන 2කට අධික විදුලිය භාවිතා කර හිඟ හිටවීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම්  කඩකරන ලදැයි සඳහන් කරමින් නීතිඥවරයෙකු ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර දුන්නේය.

අගවිනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණී.

නීතිඥ විජිත කුමාර මහතා ගොනුකර ඇති පෙත්සමේි වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා” ලංකා විදුලි බල මණ්ඩලය සහ නීතිපතිවරයා ඇතුව පිරිසක් නම් කර ඇත.

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මංගල උත්සවයේදී රුපියල් මිලියන 2කට අධික විදුලි ඒකක ප්‍රමාණයක් භාවිතා කර එම මුදල් නොගවා හිඟ හිටුවීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරන පෙත්සම්කාර නීතිඥ විජිත කුමාර මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම ගොනු කර ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වෙරගොඩ මහතා කරුණු දක්වමින් අදාල හිඟ මුදල මේ වනවිට ගෙවා ඇති බැවින් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ ප්‍රකාශයක් පමණක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණූ දක්වමින් අදාළ හ`ිග මුදල ගෙවා ඇති හෙයින් මේ සිද්ධිය තවදුරටත් නොපතින බව පෙන්වා දුන්හ.

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල පෙත්සම විභාග කිරීමට අවසර දුන්නේය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ තීෂ්‍ය වෙර ගොඩ මහතා පෙනී සිටියේය.

වගඋත්තරකාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිහ මහතාද ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් නීතිඥ පසිදු සිල්වා මහතාද නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඉරේෂා ද සිල්වා මහත්මියද පෙනී සිටියහ”



අදහස් (1)

නාමල්ට එරෙහි පෙත්සමකට දින දෙයි

කපුරුහාමි Thursday, 11 September 2025 05:15 PM

දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සාටකයෝ දූෂිතයෝ ආර්ථික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා වරදකරුවන් වෙලා තියෙන්නේ...

:       7       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site