
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් කෝටි හතක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද අධි චෝදනා පත්‍ර බාරදුන්නේය.
අධි චෝදනා ර භාරදීමෙන් අනතරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය .
විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය
නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂිකරුවන් නම් කර තිබෙන 21 දෙනාගෙන් පස් දෙනකු රිමාන්ඩ් භාරයේ පසුවන හෝ ඇප මත මුදා හැර සිටින හෝ දඬුවම් විඳින පුද්ගලයන් බව අවධානය යොමු කර සිටියේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් උසාවියක් මඟින් ඇගිලි සලකුණු ගැනීමට නියෝග කරන්නේ "දරුණු අපරාධකරුවන්"ෙගේ බව මගේ සීයා කියනවා. මට ඒ ගැන දැනුවත් කමක් නැති නිසායි අහන්නේ. එහෙම නම් මැදමුලන මයිනගේ ලොකු කොල්ලාත් ඒ ගණයට අයත්ද ?
අපිට මතක විදියට මේ හොරකම් මහ දවල් වෙච්ච දේවල්. අනිවාර්යයෙන්ම මාලිමාවෙ ආන්ඩුව යටතේ උපරිම දඩුවම දීල හිර දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි.