IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නෙළුවේ දී දැරියක් මරුට

නෙළුවේ දී ත්‍රී රෝද රථයක් හා කැබ් රියක් ගැටීමෙන් ත්‍රී රෝද රියේ ගමන් කළ 12 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

නෙළුවේ දී දැරියක් මරුට

ලුම්බිණි Monday, 18 August 2014 03:26 AM

මේ ත්‍රී වීලර්ස් වලට නම් මොනවා හරි නීතියක් ගෙන ආ යුතුයි. කොපමණ නම් මැරෙනවද මේවා නිසා. මගේ අදහස නම් මේවා ප්‍රධාන පාරවල් වලින් අයින් කල යුතුයි කියලා.(නදී)

:       0       0

ඉසුරන්දි Monday, 18 August 2014 03:55 AM

ත්‍රිවිල් විතරක් නෙමෙයි හැම වාහනයකටම නීති රීති පද්දතියක් තිබිය යුතුයි. මැද පෙරදිග රටවල් වගේ උහුලන්නට බැරි දඩ නියම කරන්න ඕනේ හරි නම්. (නදී)

:       0       0

ප්‍රියා Monday, 18 August 2014 04:14 AM

ලුම්බිනිගේ කතාව හරි. අප්‍රිකානු රටවලත් ත්‍රී වීලර්ස් ටවුන් වල, ප්‍රධාන මාර්ගවල ධාවනය තහනම්. (නදී)

:       0       0

රෙජි -සිඩ්නි Tuesday, 19 August 2014 12:37 AM

ත්‍රීරෝද රථයට දොස්කියලා වැඩක් නැහැ.මොන වාහනය වුණත් නීතිරීති අනුව නිසි ලෙස ධාවනය කළා නම් ඔය වාගේ අනතුරුවීම් වලින් වළකින්න පුළුවන් (නි)

:       0       0

රූපවතී Monday, 18 August 2014 08:42 AM

මේ ත්‍රීරෝද රථ කියන වාහන මට නම් පෙන්නන්න බැහැ. පාරේ යන සද්දේ ඇහෙන්නවත් මම ආසා නැහැ, කිසිම හික්මීමක් නැති වාහන. මේ ටික සියල්ලම නැවත ඉන්දියාවට පරණ යකඩ වලට හරි විකුණලා අපේ රටේ ජීවත්වෙන අසරණයින්ගේ පණ බේරාගන්න පුලුවන් නම්.... ..වැඳලා මේ කියන්නේ.වටිනා ජීවිත නේද අපිට මේ හැමදාම අහිමිවෙන්නේ ...? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 19 August 2014 02:14 AM

මෙතන අදහස් දමන අය ඇයි මේ අගතිගාමී විදියට මිටි තැනින්ම වතුර බහින්න උදව් කරන්නේ. රටේ දළ ජාතික ආදායමෙන් විශාල කොටසක් සුඛෝපභෝගී වාහන ගෙන්වන්නත්, ඒ වාහන වලට ඉන්ධන හා අමතර කොටස් ගෙන්වන්නත් ඒ වාහන සඳහා අධිවේගී මාර්ග හදන්නත් වියදම් කරනවා. දුප්පතාට ගමන් යන්න තියෙන එකම වාහනය මේ දරහැව විතරයි. මහා මිනිසුන්ගේ ඕනෑ එපාකම් පිරිමහන දැවැන්ත වාහන පියඹායන පටු මාර්ගවල ත්‍රීවීලරය අසරණ වී ඇත්තේ රටේ පුංචි මිනිහා අසරණ වී ඇති ආකාරයටමයි. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 18 August 2014 09:27 AM

ලොකු වාහන එළවන අය ත්‍රීරෝද රථ ගණන් ගන්නේ නැහැ. පුදුම වැඩේ කියන්නේ ත්‍රීරෝද රථ එළවන අයත් ලොකු වාහන ගණන් ගන්නෙ නැහැ.ඉඩ දෙයි කියලා හිතලා ඉඩ තියෙන තැන, නැති තැන, හැමතැනම රිංගනවා.අනේ අසරණ ජීවිත! මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.කාටද කියන්නේ? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 19 August 2014 03:18 AM

අතමිට හිග අයට ඇති එකම පිළිසරණ ත්‍රීරෝද රථයි. ඒවාත් පාවිච්චි වෙන්නේ මෙවැනි අසරණ අය ගෙනයාමට නිසා අනිත් වාහන රියදුරන් එවැනි රථ කෙරෙහි උපේක්ෂාවෙන් ක්‍රියාකරනවා නම් කෙතරම් හොඳද !! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site