සැප්තැම්බර් 8 වැනි දා ඡන්දයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරී පත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අන්වර් රම්ලාන් මොහොමඩ් හා අසන් සාටක් ලෙබ්බේ මොහොමඩ් මවුලවි ලැබූ මනාප ඡන්ද අභියෝගයට ලක් කරමින් මුත්තූර්හි නීතිඥ ජෙයිනුදීන් මොහොමඩ් ලහිර් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙළේය. සිසිර ද ආබ්බෘ හා සුනිල් රාජපක්ෂ යන විනිසුරුවරුන් ඉදිරියේ පෙත්සම ගොනු කැරිණි. මනාප ඡන්ද එකතුව නිවැරදි නොවන බවත් හොරට ගණන් කර ඇති බවත් එම ප්‍රතිඵල අවලංගු කිරීමට සර්ෂියෝරාරි ආඥාවක් ද, ඡන්ද යළි ගණන් කිරීමට මැන්ඩාමුස් ආඥාවක් ද, නිකුත් කරන ලෙස ඔහු ඉල්ලයි. නොවැම්බර් 14 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මැතිවරණ කොමසාරිස් හා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් ඇතුළු 17 දෙනකු නොතිසි නිකුත් කැරිණි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නැ‘හිර ‘ගහේ‘ මනාප වැරදියි
චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 08:51 PM
බලමු මේකට මොනවා වෙයිද කියලා.(නදී)