IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නොසැළකිල්ල මරණය ඉක්මන් කරයි.

අනුරාධපුර විශේෂ දුම්රියක පාපුවරුවේ යමින් සිටි තරුණයකු ශ්‍රාවස්තිපුර කළුපාලමේ හැපී මියගිය බව දුම්රිය රියදුරෝ කියති. දුම්රියේ බස්රියේ ගමන් කරන විට පාපුවරුවේ නොයන ලෙස පොලීසිය වන්දනාකරුවන්ට උපදෙස් දෙයි

 

 



අදහස් (0)

නොසැළකිල්ල මරණය ඉක්මන් කරයි.

පිටිගල Thursday, 12 June 2014 08:31 AM

මේ පාලම ටිකක් පළල් කරන්න බැරිද? දැන් තරුණ ජීවිත කීයක් අපට අහිමි වුණාද? කොල්ලන්ගේ හැටි ඔහොම තමයි. භයානකයි. මේ අන්තිම එක නොවෙන්න පුලුවන්. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 12 June 2014 09:37 AM

යන එන ගමන් බිමන් කල්පනාකාරී විය යුතුයි.(දී)

:       0       0

සුගත් Thursday, 12 June 2014 10:33 AM

දුම්රිය දෙපාර්තමන්තුවේත් නොසැලකිල්ල. මොකද මේක පලවෙනි එක නෙමේ. දුම්රියේ ඉඩ නැති වෙනකොට පාපුරුවේ හරි ගමන යනවා. පිටිගල කියන්න වගේ පාලමේ පළල වැඩි කරමු.(දී)

:       0       0

එශාන් Thursday, 12 June 2014 11:13 AM

මදැයි වන්දනාවේ ගියා (දී)

:       0       0

මිලානො ජයන්ත Thursday, 12 June 2014 11:12 AM

පාපුරුවෙ හෝ තමන්ට අවදානමක් ඇති ස්තානයහී සිටීම අනුවනක්‍රියාවක්.ජිවිතය ගැන කලකිරීමකට පත්වූ අය හෝ අනුවනයෝ එසෙ හසිරේ. (දී)

:       0       0

නුවන් Thursday, 12 June 2014 11:25 AM

ඉඩ නැති නිසා පා පුවරුවේ යනවානම් ඒ පන්තියේ අනෙක් පා පුවරුවලත් ගිය අය මැරෙන්න ඇතිනෙ. නෑ එක්කෙනයි මැරිල තියෙන්නෙ. මේක එයාගෙ නොසැළකිල්ල(දී)

:       0       0

රස්පී Thursday, 12 June 2014 12:26 PM

මෙතන වෙන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. සමහර තරුණයින් ආසයි හුලන් වැදි වැදි යන්න. ඉතින් කොච්චර ඉඩ තිබ්බත් ඇතුලට යන්නේ නැ. තව සමහරු ඉන්නවා දුර යන කෝච්චිවල නැගල ළඟ බහින නිසා ඇතුලට යන්නේ නැ. ඒ නිසා අනිත් අය පාපුවරුවේ. තවත් සමහරු ඉන්නවා දුම්රියේ අැත්තටම ඉඩ මදි නිසා පපුරුවේ යනවා. කොහොම නමුත් නිවසට/වැඩට පරක්කු වී යාම ජීවිතය අනතුරේ දාගන්න තරම් හේතුවක් නොවෙන බව මිනිසුන්ට තේරෙන්න ඕනා. (නදී)

:       0       0

දිනේෂ් Thursday, 12 June 2014 12:54 PM

කොහොම උනත් අපි දන්නේ මොනවා හරි උනහම ඒක හදපු කෙනාටයි අයිති කෙනාටයි බනින එක නේ.(නදී)

:       0       0

සුභාසනී විපලර් Thursday, 12 June 2014 01:04 PM

මේක පොසොන් කාලෙට හැමදාම වෙන දෙයක්. දුම්රියේ කිසිම ඉඩක් නැහැ. මේ දුම්රියවල හැමදාම යන අය දන්නවා මේ පාලම් දෙකම ඉතා පටු බව. සුද්දෝ මේවා හැදුවේ එදා හිටපු ජනගහනය පා පුවරුවේ යන්න තරම් විශාල නොවූ කාලෙක. මේ පාලම් දෙකම පළල් කිරීම හෝ පාලම් ආරුක්කුව ඉවත් කිරීමෙන් මේ අනතුරු වැලක්වා ගන්න පුළුවන්. වසරකට අඩුම තරමේ ජීවිත දෙකක් වත් බේරා ගන්න පුළුවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site