IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් අප්‍රසාදය

නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ‘ෆාටා’ සංවිධානය, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුඩානී ද ඊශ්‍රායලයට අප්‍රසාදය පළ කර තිබේ.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, ජර්මන් විදේශ අමාත්‍ය ඇනෙලීනා බෙර්බොක්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, රුසියන් විදේශ කටයුතු අමත්‍යාංශය පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇත.

අද ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පහර දෙන අතරතුරේ එහි දිගුවක් ලෙස ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙයි. එය ආරම්භ වූයේ හිස්බුල්ලා සටන්කාමීන් පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා පේජර් යන්ත්‍ර සහ වෝකිටෝකි පුපුරුවා හැරීමෙන් අනතුරුවය.

එම ප්‍රහාර පසුපස තම ඊශ්‍රායල බුද්ධි අංශ සිටින බව ඊශ්‍රායලය කිසිම අවස්ථාවක පිළිගෙන නැත. එහෙත්, වැනි සූක්ෂම ප්‍රහාරයක්, ඉතා සැලැසුම් සහගතව කළ හැක්කේ ඊශ්‍රායලය බුද්ධි අංශවලටම පමණි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් ඝාතනය වූ ෂෙයික් හසන් නසරැල්ලා උපන්නේ 1960 වසරේ බීරූට් හි නැගෙනහිරින් පිහිටා ඇති බෝර්ජ් හම්මුද් පළාතේය. නව දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා නසරැල්ලාය. ඔහුගේ පියා එළවලු වෙළෙන්දෙකි.

1975 දී ලෙබනනය සිවිල් යුද්ධයකට මැදි විය. නසරැල්ලා ‘අමාල්’ නැමැති ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම සමඟ එක් විය. ලෙබනන් සිවිල් යුද්ධය 1975 සිට 1990 තෙක් පැවැතිණි. මියගිය ගණන 150,000 කි. මිලියනයකට වැඩි ලෙබනන් වැසියන් පිරිසකට සරණාගතයන් ලෙස  ලෙබනනය හැර යෑමට සිදුවිය.

සිවිල් යුද්ධයට හේතු වූයේ ලෙබනනයේ පැවැති සුන්නි ෂියා ආගමික බෙදීමය. සිවිල් යුද්ධය අතරතුරේ 1982 වසරේ දී, ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කළේය. ඊශ්‍රායලයත් ලෙබනනයත් අසල්වැසි රටවල්ය. ඊශ්‍රායලයට ලෙබනනය ආක්‍රමණය කළේ ද පලස්තීන සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට එල්ල වුණ්‍ර ප්‍රහාර හේතුවෙනි.



අදහස් (0)

නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් අප්‍රසාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site