IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැකෝට දන්වයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු පරිසර අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි  පාර්ලිමේන්තු  මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය  මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (9) දැනුම් දුන්නාය.

මේ අනුව  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  මඩකළපුව  දිස්ත්‍රික් ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා මැතිවරණ කොමිෂන්  සභාව විසින් එම පුරප්පාඩුවට පත් කරනු ලැබීමට නියමිතය.

නසීර් අහමඩ්ගෙන් පසු එම ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා වන්නේ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන  අලි සහීර් මවුලානාය.

නව මන්ත්‍රීවරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කරනු ලැබීමට නියමිතය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා   ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා  තීන්දු කළේය.ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ගියේ මේඅනුවය.



අදහස් (0)

නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැකෝට දන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site