IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිශා බිස්වාල්ගෙන් ලක් රජයට පැසසුම්

දේශීය  පරීක්ෂණ යාන්ත‍්‍රණයක් තුළින් ශ්‍රී ලංකවේ වගවීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කළ හැකි බව ඇමෙරිකාවේ විශ්වාසය යැයි දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් ප‍්‍රකාශ කර ඇතැයි ඉන්දීයාවේ ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ සියලූ පුරවැසියන්ට සාමකාමී, සශ්‍රීක රටක් ගොඩනැගීම උදෙසා ඇමෙරිකාව කැපවී සිටින බවත්, සියලූ පුරවැසියන්ට සමාන අවස්ථා හිමිවන එවැනි ජන සමාජයක් බිහි කිරීම සඳහා සංහිඳියා ක‍්‍රියාවලිය අතිශයින් වැදගත් වන බවද ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය සඳහන් කර ඇත.

ජනතා විශ්වාසය ගොඩනැගීම උදෙසා නව රජය වැදගත් කාර්ය භාර්යක් ඉටු කරමින් සිටින බව පෙන්වා දෙන ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කොට ඇත්තේ පසුගිය වසර 9 තිස්සේ මෙරට සංහිඳියාව උදෙසා ගෙන ඇති ක‍්‍රියාමාර්ග වලට වැඩි යමක් වත්මන් රජය පසුගිය මාස 9 තුළ ඉටු කර ඇති බවය.

එසේම ශ්‍රී ලංකාවේ නව රජය , මෙරට පරිපූර්ණ ජන සමාජයක් ඇති කිරීමට සහ සංහිඳියාව ගොඩනැගීම උදෙසා නිවැරදි මාර්ගයේ ගමන් කරන බවද ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය කියා සිටියාය.

 



අදහස් (0)

නිශා බිස්වාල්ගෙන් ලක් රජයට පැසසුම්

දුමින්ද Tuesday, 22 September 2015 01:41 AM

යුද්ධය තිබුනා නම් සංහිඳියාවක් කොයින්ද? (නි)

:       0       0

එඩ්වඩ් Tuesday, 22 September 2015 01:51 AM

කාගේවත් පැසසුම් අපිට අවශ්‍ය නැහැ. එයාලා ඇමරිකාව ඇතුළේ වෙන දෙයක් හොයලා බැලුවා නම් තමයි හොඳ (නි)

:       0       0

දුමින්ද Tuesday, 22 September 2015 01:53 AM

ගිය නුවණ ඇතුන් ලවාවත් ආපසු අදින්නට නොහැක (නි)

:       0       0

නාමල් Tuesday, 22 September 2015 03:22 AM

ඇමරිකාව ඇතුලේ මොකුත් වෙන්නෑ... මානව හිමිකම් කැඩුනේ ලංකාවෙනේ (ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 September 2015 04:18 AM

රටට සහයෝගය ලබාගන්න ඕනේ නම් ජ්‍යත්‍යන්තරය සමඟ හොද සම්බධතාවක් ඇති කරගත යුතුයි. නැතුව පස්ස පෙන්න පෙන්න ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි. (ම)

:       0       0

මහානාම - කඳාන Monday, 21 September 2015 05:29 PM

කියන කියන දේ කරනවා නම් ඔය ඔක්කොම ඉතින් පසසයි. ඒත් ඉතින් අපිට එහෙම කරන්න බැහැනේ (නි)

:       0       0

යාපා Monday, 21 September 2015 08:52 PM

වැදගත් පුවතක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site