IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නිශාන්ත වික්‍රමසිංහ - කපිල චන්ද්‍රසේන ජනාධිපති කොමිසම හමුවේ

(ලහිරු  හර්ෂණ සහ මනෝප්‍රිය ගුණසේකර )

ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා  පත් කළ ජනාධිපති කොමිසම හමුවේ  මේ වන විට පෙනී සිටින එම ආයතනයහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයට සිය ප්‍රකාශ ලබා දෙමින් සිටී.

මෙම ආයතනයන්හි  සිදු බව කියන විවිධ අක්‍රමිකතා දුෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් විවිධ ප්‍රකාශ  කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබු අතර ඒ පිළිබඳව  ඔවුන්ගේ ස්ථාවරය දැනගැනීම සඳහා  කොමිසම මගින් ඔවුන් කැඳවා තිබේ.

උදෑසන 8.30 ට පමණ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ සාක්කි ලබා දීම සඳහා පැමිණ ඇති අතර මේ වන විටත් ඔවුන්ගෙන් සාක්කි සටහන් කරගනිමින් පවතී.
  
2006 ජනවාරී මස පළමුවැනිදාත් 2008 ජනවාරී මස පළමුවැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත් කරන ලදී.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 



අදහස් (8)

නිශාන්ත වික්‍රමසිංහ - කපිල චන්ද්‍රසේන ජනාධිපති කොමිසම හමුවේ

sam Thursday, 23 August 2018 07:23 AM

ඕ ලෙවල් වත් හරියකට නැති සභාපතිතුමා මේ තරමට කලා මදිද ??

:       0       206

Chandima Thursday, 23 August 2018 07:24 AM

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමාගේ ගමන අතරමග කඩා කප්පල් කර ගන්න එක ප්‍රධාන හේතුවක් වුනේ මෙන්න මේ වගේ අදාල බාරධුර රාජකාරියට කොහෙත්ම නොගැලපෙන කිසිම අදාල කුසලතාවයක් නැති තමන්ගේ නෑ හිතවතුන් පත් කරපු නිසයි.

:       27       272

de silva berlin Thursday, 23 August 2018 07:33 AM

කරුණාකර මොහුව අත්අඩංගුවට ගන්න නැත්නම් මොහුත් කොමිසමේ වාර්තා එනකොට මහේන්ද්‍රන් වගේ රට පනිවි .

:       0       42

Ranjan Thursday, 23 August 2018 09:05 AM

මේ අයට දඩුවම් ලැබේවිද නැතිනම 2020 වෙන ආණ්ඩුවක් එනතුරු මේවා දිගට ගෙනයාවිද.?

:       0       25

Kumar (gulf) Thursday, 23 August 2018 09:30 AM

කෝ අර වාස් මල්ලි ඇවිල්ලා නැද්ද? ඒ තමා මහම මාෆියා රජා.

:       0       25

Hafeel Thursday, 23 August 2018 10:21 AM

මේ කොමිසම පත්කරන්නම අවුරුදු තුනහමාර ගත වුනා නං, මේකේ තේරුම 2020 වෙනකං අදිනඑක තමයි.

:       0       14

bandula Thursday, 23 August 2018 11:02 AM

මෙයට හොඳට ඉංග්‍රීසි කතාකරන පුළුවන් කම තමා එකම සුදුසුකම

:       0       0

de silva Thursday, 23 August 2018 03:37 PM

ඕක තව අව්රුද්දක් විතර ඇදගෙන ගිහින් තව කෝටි 4-5 විතර කාබාසිනියා කරලා දමල අන්තිමට කියාවි මොහුට දඩුවම් දෙන්න කොමිසමට බලයක් නැහැ කියල , එතකොට මේක අධිකරණයට දැම්මහම සැකකරු රටපනිවී , සැකකරුට අවරුදු 3-4 තිබෙනවා දේපල විකුණලා හරි පවරලා හරි එකලාසයක් කරලා , සල්ලිත් රට පටවල කිසිම කරදරයක් නැතුව පිට රට ගිහින් සේටල් වෙන්න , මේවා අපිව මුලාකරන්න කරන නාඩගම් ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 218 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site