(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ නිලධාරීහු අද (23) පැය 08 කට ආසන්න කාලයක් පුරා ප‍්‍රකාශ ලබාගත්හ.
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොමිසම විසින් නිකුත් කරන ලද නොතිසියකට අනුව නිශාන්ත වික‍්‍රමසිංහ සහ කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් අද පෙරවරු 8.30ට පමණ කොමිසම හමුවේ පෙනී සිටියහ.
ඉන් අනතුරුව ඔවුන් කොමිසමේ විමර්ශන අංශයට කැඳවාගෙන ගොස් එහිදී ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීම ඇරඹු අතර දිවා ආහාර ලබාගැනීම සඳහා එම මහත්වරුන්ට කල් ලබාදුන්හ.
ඉන් අනතුරුව යළිත් ඔවුන්ගේ ප‍්‍රකාශ ලබාගැනීම ආරම්භ කළ කොමිසමේ විමර්ශන නිලධාරීහු කපිල චන්ද්‍රසේන මහතාගෙන් පස්වරු 2.30 පමණ දක්වාත් නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගෙන් පස්වරු 4.00 පමණ දක්වාත් ප‍්‍රකාශ ලබා ගත්හ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නිශාන්ත - කපිල දෙදෙනාගෙන් පැය 8ක් ප්‍රශ්න කරති