
(යොහාන් භාසුර)
චීනය දියත් කර තිබෙන ‘මාවතක් - තීරයක්’ යන තේමාව යටතේ ‘නව සේද මාවත’ ආරම්භ කර වසර 10 ක් සම්පූර්ණ වන බවත් ලෝක ඉතිහාසය තුළ තනි රටක් මුළු ලෝකයම ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කරන දැවැන්තම යටිතල පහසුකම් සහ සමාජ - ආර්ථික පහසුකම් සංවර්ධනය ව්‍යාපෘතිය බවත් ‘ආසියානු ප්‍රගති සංසදය’ පැවසීය.
ලෝකයේ සියලු මහද්වීප නියෝජනය වන පරිදි රටවල් 155 ක් මෙම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වී එම රටවල සිටින බිලියන 5 කට ආසන්න ජනගහනයකට මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලැබීමේ ඉඩක් විවර වී ඇති බවත් 1949 වසරේ දී මහජන ජනරජය පිහිටුවීමෙන් පසු ශක්තිමත් සහ ස්ථාවර රාජ්‍යයක් බවට පත් වූ චීනය ලොව පුරා සියලු රාජ්‍යයන් සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරන පිළිවෙතක් අනුගමනය කරන බවත් එම සංසදය කීය.
ලෝක ආර්ථිකය තුළ වෙළෙඳපොළ ක්‍රමය ශක්තිමත් වන පසුබිමක් තුළ චීනය ද ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර සෘජු විදේශ ආයෝජන ගෙන්වාගෙන නිෂ්පාදනය ඉහළ නැංවීමට, සියලු රාජ්‍ය ව්‍යවසාය වෙළෙඳපොළ ක්‍රමයට අනුගත කර ශක්තිමත් කිරීමට සහ ග්‍රාමීය නිෂ්පාදන ඉහළ නැංවීම තුළින් දරිද්‍රතාව තුරන් කිරීමට චීනයට හැකිවූ බව කී කියන ‘ආසියානු ප්‍රගති සංසදය’ චීනයට ”ලෝකයේ ෆැක්ටරිය” බවට පත්වීමට ගතවූයේ ඉතා කෙටි කාලයක් බව ද සඳහන් කළේය.
‘ආසියානු ප්‍රගති සංසදය’ ‘නව සේද මාවත’ට වසර 10 ක් සම්පූර්ණ වීම වෙනුවන් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි සාමාජිකයෝ එසේ පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
16
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘නව සේද මාවත’ වසර 10 ක් සපුරයි