IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නව ව්‍යවස්ථා සංශෝධන නීතිපතිට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සමගි ජන බලවේගය පක්ෂය සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම කතානායකවරයාට බාර දුන් පනත් කෙටුම්පත් දෙක කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නීතිපතිවරයාට යොමු කරනු ලැබ  ඇත.

අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගැනීම සඳහා පනත් කෙටුම්පත් දෙක නීතිපතිවරයාට මෙසේ යොමු කළ බව කතානායකවරයා පැවසීය.

මේ අතර මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් බාගත කිරීමටද අවස්ථාව සලසා දී  ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.

ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් දෙක කතානායකවරයාට බාර දෙනු ලැබුවේ සමගි ජනබලවේගය පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී   රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසිනි.

මේ අතර 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කර   21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස  එය ගෙන  ඒමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ පසුගියදා තීරණය කළහ.

මේ අනුව මීට අදාළව යෝජනා ලබා දෙන ලෙස කතානායකවරයා  සියලු පක්ෂ නායකයන්ට පසුගියදා  දැනුම්දුන්නේය. 

පනත් කෙටුම්පත්වල අන්තර්ගත යෝජනා ඇසුරින් ආණ්ඩුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  ගෙන එනු ලැබීමට  නියමිතය.



අදහස් (1)

නව ව්‍යවස්ථා සංශෝධන නීතිපතිට

Lelwala Tuesday, 10 May 2022 08:48 PM

මහජනයාට අවස්‍ය වී ඇත්තෙ 19 වත් , 20 වත් 21 වත් නොව ගෑස් , ඉන්දන , විදුලිය, අත්‍යවස්‍ය ආහාර සහ බෙහෙත් ඒ වගේම ජීවත්වීමට සරිලන වැටුපක්. පාර්ලිමේන්තුවෙි සිටින ගොන් රැලට සහ අපේ බෞද්ධ භික්්ෂුන්ට තේරැම් ගත නොහැක..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site