IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නැව යැවීම ගැන සජිත්ගෙන් දෝස් මුරයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රට බංකොලොත්වී ඇති අවස්ථාවක හූති සටන්කාමීන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (9)  ප්‍රශ්න කළේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසිය කුමක්දැයි ප්‍රශ්න කළ විපක්‍ෂනායකවරයා මේ කටයුත්ත වෙනුවෙන් ණය දෙන රටවල්  බිලියන 25ක්  හෝ  කපා දැමීමට එකඟවී ඇත්නම් මෙවැනි දේවල් කළාට  කමක් නැතැයිද ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුදය හමුවේ ජනතාව විශාල කැපවීමක් කරන මොහොතක නැවක් යැවීමට මෙපමණ මුදලක් යැවීම අපරාධයක් බවත් මේ රටේ පරිගණක නැති පාසල් දරුවන් විශාල පිරිසක් සිටින බවත්  ඔහු කීවේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා

අපි ලෝකයේ ත්‍රස්තවාදයට විරුද්ධයි. අපිට ගෝලීය වගකීම ඉෂ්ට කරන්න වෙනවා. ඉන්දියාව හඳට  රොකට් එකක් ඇරියේ  මිලියන 800 ක් දුප්පතුන් ඉන්න වෙලාවක. නමුත් ඒ රටේ මිනිස්සු ඒ ගැන කතා කරන්නේ නැහැ. සමුද්‍රි ආරක්ෂාව ගැන අපි වගකියන්න ඕන. දැනටමත් අපි ගැඹුරු මුහුදේ ආරක්ෂක කටයුතු කරනවා.



අදහස් (11)

නැව යැවීම ගැන සජිත්ගෙන් දෝස් මුරයක්

fairos Tuesday, 09 January 2024 04:57 PM

අයියෝ මුන්ගේ තර්ක .ඉන්දියාව කොහෙද අපි කොහෙද ඉන්නේ

:       0       2

මැක්ස් Tuesday, 09 January 2024 05:25 PM

ඉන්දියාවේ මිනිසුන්ගේ දේශප්‍රේමය, තමන්ගේ රටට ඇති ආදරය මේ රටේ මිනිසුන්ට තිබුන නම් සජිත් ප්‍රේමදාස වගේ දේශපාලන පුස්සන්ට මෙහෙම බඩපිණුම් ගහන්න ඉඩ ලැබෙන්නේ නැත.

:       0       2

සකල ගුරු Tuesday, 09 January 2024 05:46 PM

අප්‍රිකාව වටා නැව් අධික වියදමක් දරා නැව් යාන්ත්‍රනයෙන් වැලකීමට 1859.04.25 දින ඉදිකිරීම් ආරම්භ කර වසර දහයකින් පසුව යුරෝපය හා ආසියාවේ යාත්‍රා ප්‍රවාහන කටයුතු සදහා සූවස් ඇල ඉදිකර ඇත මෙමගින් අප්‍රිකාව වටේ ගමන් කිරීමෙන් සිදුවන අධික වියදම් අඩුකර ගැනීම සිදුවූ අතර එමගින් යම් පමණකින් භාණ්ඩ හා සේවා මිල අඩුවීමක් සිදුවේ යම් ලෙසකින් රතු මුහුද හරහා නැව් ගමනාගමනය නොවී අප්‍රිකාව වටා නැව් ගමන් කලොත් ඕස්ට්‍රේලියා දෙසට යන නැව් ලංකා වරාය වෙතට නොපැමිණ යන්න ඉඩක් තියෙනවා ලංකාවට ගෙනෙන භාණ්ඩ හා අපනයනය සදහා අතිවිශාල මුදලක් වැයවෙනවා එමගින් ලංකාවට බරපතළ ආර්ථික අර්බුද ඇතිවෙන්න පුළුවන් කියලා සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබූ අයෙකුට වුනත් තේරුම් ගන්න අපහසු නැහැ නුවනැත්තෝ සිතත්වා

:       0       0

විජිත් Tuesday, 09 January 2024 06:25 PM

(1) රනිල් වික්‍රමසිංහ කියන මන්දමානසික රෝගියාගේ වැඩ වලට කලින්, ඒ හාදයාගේ මාමා හෙවත් ජූනියස් රිචර්ඩ් ජයවර්ධන කියන මේ රට විනාශකිරීමට මග පෑදූ කාලකන්නියා එදාගත් තීරණයක් නිසා ෆෝක්ලන්ඩ් යුද්ධයට මුල්වුණ ආර්ජන්ටිනාව අද වෙනකම්ම අප හා බද්ධ වයිරයකින් සිටින්නේ.නමුත් යුද්ධකරපු සතුරා හෙවත් එංගලන්තය සමග දැන් "ඇයි - හොඳයි " කම් පවතිනවා.නමුත් ලෝක දේශපාලන ආර්ථික ඇරිනාවේදී ආර්ජන්ටිනාව හැම විටම අපේ රටට විරුද්ධව තම වෙටෝ එක පාවිච්චි කරනවා.ඒ කාලකන්නි මාමාගේ වැඩ. රතු මුහුදේ හවුති ගරිල්ලන් මර්දනය කරන්න මුලින්ම ඇමෙරිකාව යුරෝපා රටවල් වලට ආරාධනා කළා.සතියකට පස්සේ බොහෝ රටවල් කීවා " එක ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් මිසක් අපේ ප්‍රශ්නයක් නොවෙයි " කියා.ඊට පස්සේ ඇමෙරිකාවට ඔස්ට්‍රේලියාවට එන්න කීවා. " අපෝ ..ඕවට ඕන බඩු අපේ ළඟ හිඟයි..අපිට බැහැ " ඔස්ට්‍රේලියාව කීවා.ඕන ජරාවකට " ෂරි ..ෂරි " කියන ඉන්දියාව ඉදිරිපත්වුනා. පලවෙනි දවසෙම නැවක කෑල්ලක් ගැලවිලා යන්න හවුතියෝ පහර දුන්නා.හවුතියන්ට බයේ ඉන්දියාව කීවා " ඒ මිසයිල් එක එව්වේ ඉරානයෙන් " කියලා. දැන් ඇමෙරිකාව තමන්ගේ පට්ට වහලා හෙවත් රනිල් වික්‍රමසිංහට " බලකරනවා " අපිට උදවුකරපන් කියල.

:       2       2

විජිත් Tuesday, 09 January 2024 06:45 PM

(2) රටේ දේශකාපාලුවන් විසින් අවුරුදු 70 ක් තිස්සේ කල විනාශය නිසා,අන්ත අසරණ ,දුප්පතුන්ගේත් දුප්පතෙක්වී ,ලෝකය පුරා හිඟමන් යදිමින් ජිවත්වන " ශ්‍රී ලංකාව " කියන දුප්පත් අම්මාව ආයෙත් ලෝකය පුරාම " අපහාසයට ,උපහාසයට ..මෙන්ම සිනහවට " ලක්කරන්න දැන් මේ නාකි ..මොලේ අමාරුකාරයා හදන්නේ.යේමනය කියන රටත්,හවුති ගරිල්ලනුත් අපට කිසිම විටෙක සතුරුවී නැත.එමෙන්ම යේමනය කියන්නෙත් ශ්‍රී ලංකාව සාමාජිකත්වය දරන නොබැඳි රාජ්‍යයක්.යේමනයේ හවුති ගරිල්ලන් සමග කාලයක් පුරා සටන් කොට අත්දැකීම් ඇති සවුදි අරාබිය කෙලින්ම ප්‍රකාශ කලේ .." ඔය හවුතියන් සමග සටන් කරන්න යන මුහුදු ආරක්ෂක වැඩේට මම නැහැ" කියලා. ප්‍රශ්නයේ ගැඹුර දැන් ඇමෙරිකාවට වැටහිලා..එත් කරන්න දෙයක් නැහැ. " දැන් ඉතින් මේක කාගේ හරි ඇඟේ ගහලා හිමින් සැරේ මාරුවෙනවා " කියන සදාකාලික ඇමෙරිකානු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත්.එදා මෙදා හැමදාමත් ඔවුන් කලේ එයබව නොදන්නේ කවුද? හවුතියන් කියන්නේ කුමක්ද ? " මට සතුරුවන ඕනෑම කෙනෙකුට ඩ්‍රෝන වලින් සහ මිසයිල් වලින් පහරදෙනවා. උන්ව කොල්ල කනවා .." කියලා.අපිට කිසිම වරදක් නොකළ යේමනයත් අපේ පරම සතුරෙක් කරලා ඇමෙරිකාව අතපිහදාගනිවී.

:       0       2

Rohana Tuesday, 09 January 2024 09:35 PM

යුද්ධයේදී පාර්ශවයකට සහයදීම සතුරකු නිර්මානයකර ගැනීමකි. ලංකාව බලවත් රටක් නොවේ. මේක රටේ ආරක්ෂාවට තර්ජනයක් වියහැක. එයටත් වඩා නොබැදි ජාතීන්ගේ රටක් විදියට මෙවැනි දෙයට අතගැසීම යෝග්‍ය නොවේ.

:       0       4

abaran Wednesday, 10 January 2024 01:49 AM

මේ අප්පුහාමි කරන්නේ සිල්ලර දේශපාලන්යක්නේ. ඒ නිසා ගැලරිය සතුටු කරන ඕනෑම මගුලකට ඔහේ කියවනවා . දේශපාලනේ කුණු බක්කියට වැටෙන තවත් එකෙක් තමයි මේ උන්නැහේ

:       0       2

Bamunuarachchi Wednesday, 10 January 2024 03:26 AM

මෙයාට දෝස්මුරය දෙන්නේ අපි.

:       0       2

Saththaya Wednesday, 10 January 2024 06:53 AM

පුස් කතා හැමදාම .

:       0       2

චන්ද්‍රපාල Wednesday, 10 January 2024 02:39 PM

ආසියාවේ මෙන්ම යුරෝපයේ පමණක් නොවෙයි, සමස්ත ලෝකයේ ජනතාව මේ මංකොල්ලකාරයෝ මර්දනයට එක්විය යුතුයි... ඇත්තටම ලංකාවේ වත්මන් විශ්‍රාමිකයින් පවා මේ සිද්ධිය වෙනුවෙන් ජනාධිපති රනිල්ට දොස් කියනවා ඇහිලා තියෙනවා... නමුත් තමන්ගේ අත උස්සා නහය ඇල්ලීමට තියෙද්දී ඔලුගෙඩිය වටේ අතයවා නහය අල්ලන්න උත්සාහ කිරීමක් තමයි රතු මුහුද මගහැර අප්‍රිකා මහාද්වීපය වටේ නැව් ගමනාගමනය කිරීම. කොහොම වුණත් ලෝක සිතියම බලා තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට රනිල් කියන දේ තේරුම් ගන්න බැහැ...

:       1       0

Bamunuarachchi Thursday, 11 January 2024 06:15 AM

සජිත් ගොයියෝ ඕක හරියට අපේ කුඹුරට එන වතුර බ්ලොක් කරන එකාට තඩි බානවා වගේ වැඩක්. එකට‍ කියක් හරි වියදම් වෙනවා. ඕක තේරුම් ගන්න බැරි ගොබ්බයො ඉන්නවා. අපේ කුඹුරට වතුර එනකොට අනිත් කඹුරු වලට ඉබේම වතුර යනවා ඒක නවත්තන්න බැහැ. අපි නිසයි උඹලාගේ කඹුරු වලට වතුර එන්නේ කියලා ගානක් මරා ගන්න එක වෙනම වැඩක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site