
(අංජුල මහික වීරරත්න)
නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා මෙලෙස ජනාධිපතිවරයා හමු විය.
නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සමඟ සුහද කථා බහකට ද එක්විය.
නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාජන් නල්ල තම්බි සහ mr බීන්...
වැදගත් තනතුරක් දරපු පමණින් කෙනෙක් වැදගත් වෙන්නේ නෑ. මීට කදිම නිදසුන් දෙකක් ඔය ඉන්නේ.