IMG-LOGO

නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ

(සුජිත් හේවාජුලිගේ )

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය යුතු බව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා  පනත් කෙටුම්පතේ දැක්වේ.

පැවරුම් සැලැස්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශේෂ සමාගම් එකක් හෝ කිහිපයක් සංස්ථාගත කිරීම අවශ්‍ය බව පෙනී යන්නේ නම් ඒ සඳහා  අවශ්‍ය වන අවශේෂ සමාගම් සංඛ්‍යාව පනතේ   විධිවිධාන සලස්වා ඇති ආකාරයෙන් සංස්ථාගත කිරීම කරනු ලැබිය යුතු බවද එහි සඳහන් වේ.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ(18) නිකුත් කෙරිණ.

මෙම පනත් කෙටුම්පත ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පතේ නිත්‍යානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති දෙකක කාලයක් හිමිවනු ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පනත් කෙටුම්පත ක්‍රියාත්මක වන දින සිට විදුලි බල කර්මාන්තයේ  නියාමක ලෙස සලකන බවද  එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.

ජාතික පද්ධති ක්‍රියාකරුගේ  කටයුතු පරිපාලනය සහ කළමනාකරණය සඳහා  අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබිය යුතු බවද  එහි  දැක්වේ.

ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියේ තත්ත්ව  කාල මෙහෙයුම්කරණය සඳහා පද්ධති පාලන මධ්‍යස්ථානය මෙහෙයවීම සහ පවත්වාගෙන යෑම මෙහෙයුම් ක්‍රියාකරුට පැවරෙන වගකීම වන බවත් ජාතික පද්ධති ක්‍රියාකරු  සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේ තිස්වන දින හෝ ඒ දිනට පෙර අවම ආර්ථික පිරිවැය මත පදනම්ව වාර්ෂික විදුලිබල ප්‍රසම්පාදන සැලසුම ඉදිරිපත් කිරීම කළ යුතු  බවත්  ගැසට් නිවේදනයේ දැක්වේ.

ජාතික පද්ධති ක්‍රියාකරුට මෙම පනත යටතේ නිකුත් කරනු ලබන ජාතික පද්ධති ක්‍රියාකරු බලපත්‍රයේ අධිකාරී බලය යටතේ අනෙකුත් රටවලට විදුලිය  වෙළඳාම් කිරීමේ අනන්‍ය අයිතිවාසිකමක් තිබිය යුතු බවත් ගම් රටකට විදුලිය සෘජුවම අලෙවි කිරීමට කිසිදු උත්පාදන බලපත්‍රලාභියෙකුට හෝ බෙදාහැරීමේ බලපත්‍රලාභියෙකුට යම් රටකින් විදුලිය මිලදී ගැනීමට බලය නොපැවැරිය යුතු බවත් පනත් කෙටුම්පතේ දැක්වේ.

ශ්‍රී ලංකා භූමි ප්‍රදේශයක  සහ ශ්‍රී ලංකා ජල තීරයේ  පිහිටා ඇති විදුලි අපනයනයන්ට සම්බන්ධ යම් විදුලි ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පමණක් බාර භාර ගනු ලැබිය යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන් වේ.

සමාගම් පනත  යටතේ සංස්ථාපනය කර ඇත්තා වූ ද එහි කොටස්වලින් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබන්නා වූද පොදු සමාගමක් නොවන කිසිම තැනැත්තකු ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා  සැපයුම්කරු බලපත්‍රය මේ පනත ප්‍රකාරව ඉල්ලුම් කිරීම සඳහා යෝග්‍යතාවය නොලැබිය යුතු බවද සඳහන්වේ.

ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු යනුවෙන් සඳහන් කරනු ලබන සමාගමක් නියමිත දිනයේ දී ලංකාව විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ වත්කම්වල හිමිකාරීත්වය පවත්වාගෙන යෑම සඳහා වගකිවයුතු බව සඳහන් කරන පනත් කෙටුම්පත  ලංකාව විදුලිබල මණ්ඩලයේ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා සහ බෙදා හැරීමේ බලපත්‍ර ලාභීන් සහ දේශීය කලාපීය හෝ ජාත්‍යන්තර වෙළඳපොලේ වෙනත් සුදුසුකම් ලත්  අයට තොග වශයෙන් විදුලි බලය සම්ප්‍රේෂණය කිරීම සඳහා වගකිවයුතු බව සඳහන් කරයි.

විදුලි බල කර්මාන්තයේ ව්‍යුහය ප්‍රකාරව අවශ්‍ය විය හැකි පරිදි සීමා සහිත සමාගම් යම් සංඛ්‍යාව සමාගම් පනත ප්‍රකාරව සංස්ථාගත කරනු ලැබිය යුතු බවත් විදුලිය උත්පාදනය කිරීම සම්ප්‍රේෂණය  කිරීම බෙදා හැරීම සහ සැපයීම සම්බන්ධයෙන් වන ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ  ගත කරන ලද කටයුතු  සහ අදාළ කාර්ය සහ කර්තව්‍ය සමග විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය යුතු බව පනත් කෙටුම්පතේ දැක්වේ.

පැවරුම් සැලැස්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශේෂ සමාගම් එකක් හෝ කිහිපයක් සංස්ථාගත කිරීම අවශ්‍ය බව පෙනී යන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන අවශේෂ සමාගම් සංඛ්‍යාව පනතේ  ඒ සඳහා විධිවිධාන සලස්වා ඇති ආකාරයෙන් සංස්ථාගත කිරීම කරනු ලැබිය යුතු බවද සඳහන්වේ.

යම් අනුප්‍රාප්තික සමාගමක සේවයට බැඳීමට තෝරාගනු ලබන ලංකා විදුලි වල මණ්ඩලයේ නිලධාරීන් සහ සේවකයන් මණ්ඩලයේ අර්ථ සාධක අරමුදලේ  සහ විශ්‍රාම වැටුප් අරමුදලේ අඛණ්ඩව සාමාජිකයන් විය යුතු බවත් ඒ යටතේ වන සියලු ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබිය යුතු බවත් පනත් කෙටුම්පතේ දැක්වේ.

ජාතික විදුලි බල උපදේශක සභාවක් පිහිටුවීමට අදාල විධිවිධානද පනත් කෙටුම්පත ඇතුළත් කෙරේ.

විදුලිබල කර්මාන්තයේ කාර්ය සාධනය සහතික කිරීම, පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, තොග විදුලි බල වෙළඳපොළ පිහිටුවීම සහ එහි ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීම විදුලි බල කර්මාන්තයේ තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම, විදුලි බලය උත්පාදනය කිරීම සම්ප්‍රේෂණය කිරීම බෙදා හැරීම වෙළඳාම් කිරීම සැපයීම සහ ප්‍රසම්පාදනය කිරීමෙන් උද්ගතවන අන්තරායන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීම, පුනර්ජනනීය බල ශක්තිය සහ බල ශක්තිය ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පනත් කෙටුම්පතේ අරමුණු බවද  එහි සඳහන්වේ.



අදහස් (2)

නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ

Nimal Friday, 19 April 2024 07:19 PM

ඕවා අපිට වැඩක් නෑ... ඕකෙන් පස්සේ දූෂණය නැතිවෙලා, ලයිට් බිල සාධාරණ විදිහට අඩු වෙනවද?

:       0       0

Chandana Saturday, 20 April 2024 09:44 AM

මොන මගුලක්වත් තේරෙන්නේ නෑ නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 705 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1112 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site