IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නව නිපැයුමෙන් ගාල්ලේ මහින්දය ජය ගනී

‘‘සයික්ලෝන් 2014“ නව නිපැයුම් තරඟාවලියෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන තුනක් දිනාගැනීමට ගාල්ලේ මහින්ද විද්‍යාලයීය සිසුන් කණ්ඩායමක් සමත්ව සිටිති. මේ තරඟාවලියට නව නිපැයුම් 265ක් ඉදිරිපත් කැර තිබිණි. උසස් පෙළ සිසුන්ට ද ඉදිරිපත් විය හැකිව තිබූ මේ තරඟයට මහින්ද විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසුන් පිරිසක් ඉදිරිපත් කර තිබූ මුහුදු ආසන්න සුළඟ උපයෝගීකරගනිමින් වායු සමනය කිරීමේ උපකරණයක්, මුහුදු ජලයෙන් විදුලිය නිපදවන විදුලි ජනන යන්ත්‍රයක් හා ආරක්ෂිත මාර්ග සංඥා පද්ධතියක් යන නිර්මාණ තුන ප්‍රථම ස්ථාන තුනක් දිනාගෙන ඇත. කොළඹ රාජකීය විද්‍යාලයීය නව නිපැයුම් සංගමය මේ තරඟාවලිය සංවිධානය කර තිබිණි.

10250229_539782429455180_5962536785928804498_n - Copy 10155742_539782389455184_8992609573945792609_n



අදහස් (0)

නව නිපැයුමෙන් ගාල්ලේ මහින්දය ජය ගනී

ප්‍රදීප් Saturday, 18 October 2014 11:36 AM

අපේ පාසල, මහින්දයට ජය වේවා! (අ)

:       0       0

බණ්ඩා Friday, 17 October 2014 09:30 AM

දකුණේ කොල්ලෝ ඕන දේකට වැඩ කාරයෝ (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 17 October 2014 09:54 AM

ගාල්ලේ මහින්ද නම් ඉතින් අහන්න දෙයක් තියෙනවද? (ස)

:       0       0

අනුරුද්ධික Friday, 17 October 2014 10:02 AM

රාජකීය විද්‍යාලයේ විද්‍යාගාරය , දකිනකොටත් ආසාවේ බැහැ. (ස)

:       0       0

ගාමිණි Friday, 17 October 2014 10:12 AM

සම්මානයක් දීල මේ ළමය මුල්ලකට කරන්න එපා.මෙයාලට තවත් ශක්තිය දීල ඉදිරියට ගන්න.(හේ)

:       0       0

භානු Friday, 17 October 2014 10:51 AM

දැන් මේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබිය යුතු ඉහලම අනුග්‍රහය ලැබෙනවා නම් වටිනවා. කරුණාකර මේ උපන් හැකියාවන්ට දිරි දෙන්න. මේක හැමෝටම පිහිටන කුසලතාවක් නෙවෙයි. අන්තිමට මේ ළමයි වැඩිහිටියන් බවට පත් වූ පසු ලෝකයටම යමක් අරගන ගිය හැකි දක්ෂයන් බවට පත් කරන්න.(හේ)

:       0       0

මේනක Friday, 17 October 2014 10:59 AM

නව නිර්මාණකරුවන්ට ලැබෙන දිරි දීම් නම් බොහොම මදි. අර ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ ගොවි දරුවාට ඉන් පසු මොකද වුනේ? ඒ ළමයා ගැන කවුරුවත් විස්තරයක් දන්නවද ? (හේ)

:       0       0

ලසිත් Friday, 17 October 2014 11:08 AM

මේ ළමයින්ට මේ දේවල් නවත්තන්න ඉඩ තියන්න එපා.(හේ)

:       0       0

චාන්දනී Friday, 17 October 2014 11:22 AM

දිගටම දිරි ගැන්වීමක් නොලැබුනොත් මේ දරුවන් උසස් පෙළින් පසු කුමක් හෝ වෙනත් අංශයක රැකියාවක් සොයාගෙන එතනින් නවතීවි. උපන් හපන්කම් වලින් රටට කිසිම වැඩක් වෙන එකක් නැහැ. (හේ)

:       0       0

කුමාර Friday, 17 October 2014 11:27 AM

සියළුම දක්ෂයින්ට සුභ අනාගතයක්.(හේ)

:       0       0

මංජුල කරුණාරත්න Saturday, 18 October 2014 03:50 AM

ලංකාවේ දරුවන්ගේ දක්‍ෂතාවයන්ට, නිරමාණශීලී හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මේ රටේ අධ්‍යාපන ඇමතිවරුන්ටත්, බුද්ධිමතුන්ටත් උවමනාවක් නෑ. ඒ නිසා මේ නිර්මාණවල ප්‍රායෝගික අයිතිකරුවන් වෙන්නේ ඒවා මිලදී ගන්නා හෝ වංචාවෙන් අයිති කරගන්නා විදේශ රටවල්. එස්. බී. දිසානායකලා වගේ අය නිසා බුද්ධිමතුන්ගේ ක්ෂේම භූමිය වූ විශ්වවිද්‍යාල ටිකත් විනාශවෙලා යන තැනට ඇවිල්ලා. (අ)

:       0       0

සෙනරත් Saturday, 18 October 2014 03:52 AM

මේ දක්ෂයන්ට තවතවත් දැනුම ලබාදී අනෙකුත් දරුවන්ටත් මේ දැනුම බෙදීයාමට සැලැස්විය යුතුයි. මහින්දයට තවතවත් මෙවැනි දරුවන් බිහිකිරීමට හැකිවේවා කිය ප්‍රාර්ථනය කරනවා. (අ)

:       0       0

සිල්වා Friday, 17 October 2014 11:38 AM

ලංකාවේ හැම තැනම දක්ෂ ළමයි ඉන්නවා ඒත් අවශ්‍ය කරන දිරි ගැන්වීමක් නෑ.(හේ)

:       0       0

මොරිස් Friday, 17 October 2014 12:42 PM

මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කිර්තියෙනි වැන්ජබේවා!!! (අ)

:       0       0

ලලිත් Saturday, 18 October 2014 04:45 AM

අපේ පාසල, මහින්දයට ජය වේවා! (නි)

:       0       0

ලලිත් Saturday, 18 October 2014 04:48 AM

අපේ රටේ දක්ෂයින්ගෙන් වැඩක් ගන්නෙම නැහැනේ. ඒකයි අපිට දුක (නි)

:       0       0

පියුමි සිතාරා Monday, 20 October 2014 11:56 AM

සුභ පැතුම් මහින්ද.(හේ)

:       0       0

දමින්ද Friday, 17 October 2014 02:19 PM

මෙවැනි දක්ශතා ජාත්‍යන්තර තලයට ගෙනයාමට දිරි දීම හැමෝගෙම වගකීමක්. රටේ අනාගතය වෙනුවෙන් කරන යහපත් ආයෝජනයක්. (නදී) මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියේනි වැජඹෙවා!!!

:       0       0

එඩී Saturday, 18 October 2014 03:56 PM

මහින්දෙ තමයි ඉස්කෝලේ !!!!!!(අ)

:       0       0

චාමික Monday, 20 October 2014 06:04 AM

ජයවේවා.(හේ)

:       0       0

සංජීව Friday, 17 October 2014 04:46 PM

සුබ පැතුම්, තවත් දියුණු වේවා ! (නදී)

:       0       0

සංජීව Friday, 17 October 2014 06:44 PM

විදුහල් මෑණියනි ඔබ සැමදා දිනේවා! පාසලේ නම ඉහලට ඔසවා තැබූ පුතාලට ආදී මහින්දියෙක් වශයෙන් මගේ ප්‍රණාමය .සියවසකට අධික කාලයක් උගතුන් බිහිකළ මහින්දය තවත් සියවස් ගණනක් උගතුන් බිහිකලාවි.(අ)

:       0       0

රණසිංහ Saturday, 18 October 2014 09:55 AM

මගේ සුභ පැතුම්! (නදී)

:       0       0

කිරි ගමරාල Saturday, 18 October 2014 11:14 AM

මේ දරුවන්ට සහ ඔවුන්ට මග පෙන්වූ ගුරුතුමන්ට මට දෙන්න තියෙන මුලික උපදෙස නම් අන්තර් ජාලයේ මේ පිලිබඳ දත්ත සහ තොරතුරු තම නිර්මාණයන්ට අන්තර් ජාතික පේටන්ට් අයිතිය ලැබෙන තෙක් කිසිවිටකත් ප්‍රසිද්ධ නොකරන්න. ශ්‍රී ලාංකික පේටන්ට් අයිතිය ලැබුනත් එය ජාත්‍යන්තරව වලංගු නැති නිසා අන්තර් ජාලයේ දැම්ම ගමන් අයිතිය කොල්ලකන ජාත්‍යන්තර හොරු අයිතිය ගන්නවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site