(අංජුල මහික වීරරත්න)
නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ අවසන් කෙටුම්පත ලබන සතියේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාට බාර දීමට කටයුතු කරන බව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවැසීය.
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්විය.
නව කෙටුම්පතෙහි තවදුරටත් පවතින ගැටළුකාරී තැන් හඳුනා ගනිමින් පනත් කෙටුම්පත දෙවන වරටත් අධ්‍යයනය කිරීමේ කටයුතු මෙම සතිය ඇතුලත අවසන් කිරීමට නියමිත බව කී අර්සකුලරත්න මහතා කමිටුව දෛනිකව රැස්වී ඒ සතියේදී අදාළ කටයුතු අවසන් කරන බව කීය.
මෙම සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියමුන්ති පීරිස්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්ම මහත්මීහු ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නව ත්‍රස්ත පනතේ අවසන් කෙටුම්පත ලබන සතියේ අධිකරණ ඇමතිට