(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප‍්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
කොවිඞ් 19 වයිරසය ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් චන්න ජයසුමන මහතා මහතා පවසයි.
චන්න ජයසුමන මහතා පවසන්නේ තරුණ වයස් පසු වන්නන්ට ‘කොවිඞ් 19’ ආසාදිතයන් බවට පත්වීමට වැඩි වී ඇති බවත් මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල වාර්තා මේ සති අන්තයේ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හෝ සෞඛ්‍ය කටයුතු වලින් හමුදාපති තුමාව නිදහස් කර ඒ කටයුතු වෛද්‍ය විද්‍යා අංශ වලට පවරන්න.මේ ලෙස රටේ ජනතාවගේ සෞඛ්‍ය හා ජීවිත සමඟ තව දුරටත් සෙල්ලම් නොකරන්න.
අපේ මිනිස්සු අවරුදු 3ක මඟුල් සතියෙන් කෑවා. සෞඛ්‍ය අංශ කියන ඒව සතේකට මායිම් කලේ නැහැ. මිනිස්සු පොර කෑවේ කන්න බොන්න ගන්න නෙවෙයි. හරියට අවුරුදු 2ක් හෙළුවෙන් හිටිය ගානට ඇඳුම් ගත්තා. නිකන් දෙන ගානට ගත්තේ. එක රෙදි කඩ මුදලාලි කෙනෙක් කිව්ව 1550 ට අවු 2ක් විකුණ ගන්න බැරුව හිටපු ෂර්ට් තොගයක් 1750 ගානේ විකුණගත්ත කියල. දැන් ඉතිං අස්වැන්න නෙලමු. එක එක්කෙනාට දොස් කියල හරියන්නේ නැහැ.