IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


’නව කැබිනට් මණ්ඩලය සිංහල අවුරුද්දට පෙර’ - රාජිත කියයි


                  
(ඩයනා උදයංගනී)
      
නව කැබිනට් මණ්ඩලය ඉදිරි දින දෙක තුළදී එනම් 14 වැනි දා ට පෙර  දිවුරුම් දෙන බව සම කැබිනට් ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

මෙහිදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් නොව නව කැබිනට් මණ්ඩලයක් ලෙස සියලූ දෙනා දිවුරුම් දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සියලූ ඇමැතිවරුන්ගේ තනතුරු මෙහිදී වෙනස් නොවුණත් පැවරී ඇති විෂයන් ගැළපෙන ආකාරයෙන් විද්‍යාත්මක බෙදීමක් සිදුවනු ඇතැයි කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිපදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත්, එම පක්‍ෂය ගන්නා තීන්දුව අනුව ඇමැති ධූර ලබාදෙන බවත් කියා සිටියේය.

විශ්වාසභංගයේ දී අගමැතිවරයාට විරුද්ධව ඡන්දය භාවිතා කළ අය ආණ්ඩුවේ නොසිටිය යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ අදහස වී ඇතැයි කී රාජිත සේනාරත්න මහතා එම 16 දෙනා අතර සිටින කැබිනට් ඇමැතිවරුන් 6 දෙනා ඉවත් වුවහොත් ඔවුන්ගේ විෂයන් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප නියෝජිතයන්ට ලබාදීමට සිදුවනු ඇතැයි ද කීවේය.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට යන බැවින් ඇමැතිවරුන් සංඛ්‍යාවේ වෙනසක් සිදුනොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (17)

’නව කැබිනට් මණ්ඩලය සිංහල අවුරුද්දට පෙර’ - රාජිත කියයි

Aravinda Wednesday, 11 April 2018 10:01 AM

නීතිය සහ සාමය ඇමැතිකම සරත් ෆොන්සේකා මහතාට දෙන්න. එය ජනතාවගේ පැතුමයි.!

:       1208       515

willowsd Wednesday, 11 April 2018 10:27 AM

නීතිය සහ සාමය ඇමැතිකම සරත් ෆොන්සේකා මහතාට...

:       1102       386

BamunuarachchiWednesday, 11 April 2018 01:29 PM

මේවා යුද්ධ කරන්න දෙන බලතල නොවෙයි සිවිල් කටයුතු සඳහා දෙන බලතල. ඒවා සංයමයෙන් යුතුව පාවිච්චි කල යුතුයි.

:       1       88

Raveendra Wednesday, 11 April 2018 10:43 AM

මේ හාදයා මොකක්ද දන්නේ නැහැ ගන්න බලාගෙන ඉන්නේ? මොන දේ ගත්තත් අපගේ දුප්පත් බදු මුදල් වලින් යහමින් "පිනටම කන්න බොන්න " පුළුවන් නිසා සහ සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් නිසා මොන පට්ටම ලැබුනත් ප්‍රශ්නයක් නැහැ නොවැ...

:       0       63

Imalka Wednesday, 11 April 2018 10:48 AM

එකම හොරු ටික මාරුවෙනවා.

:       62       133

sathyapala Wednesday, 11 April 2018 10:49 AM

රජ්ජුරුවන්ට මාර ආදරේ මෝඩ සෙනවියෙක් හිටියලු. දවසක් රැජින දුර ගමනක් යනකොට මේ පුද්ගලයාට කියලා ගියාලු රජතුමාට මැස්සෙක්වත් වහන්න දෙන්න එපා මම එනකම්... එයාව පරිස්සමින් බලාගන්න කියලා. ඉතින් මෙයා රජ්ජුරුවන් පිටිපස්සට වෙලා රජ්ජුරුවෝ පරිස්සම් කරගෙන හිටියලු. ඔහොම ඉන්නකොට රජ්ජුරුවන්ගේ ඔලුවේ මැස්සෙක් වැහුවලු. අර සෙනවියා කඩුව අරන් කෙටුවලු මැස්සා දෙකට කැඩිලා යන්න කියලා. රජ්ජුරුවන්ගේත් හිස දෙපලුවෙලා මැරුණාලු. රනිල් මේ කතාව දන්නවා ඇති...

:       8       71

amali Wednesday, 11 April 2018 11:03 AM

රට හදන්න මිසක එක එක්කෙනාට පලිගන්න පරාජිත දේශපාලකයින්ට තනතුරු දෙන්න අවශ්‍ය නැහැ.

:       0       155

ධනුෂ්ක Wednesday, 11 April 2018 11:05 AM

අපි කවුරුත් දන්න විදියට, දැකලා තියන විදියට බල්ලා විසින් තම වලිගය වනනවා. එ්ත් දැන් දැන් වලිගේ විසින්ද බල්ලා වනනු ලබන අවස්ථා තිබෙනවා. මේ හැම දේශපාලන, අාර්ථික අර්බුදයකටම හේතුව එ්කයි. ඔහොම යනකොට කජ්ජ ගහේ තියෙද්දි පූලමත් බිමට වැටෙන්න ගනීවි.

:       0       60

රජින්ද Wednesday, 11 April 2018 11:44 AM

බල තණ්හාව, ක්‍රෝධය මේ හැමදේම ඇති ඉන්න ආණ්ඩුවක් කිව්වොත් ඉතින් රටට දෙයියන්ගේම පිහිටයි.

:       0       27

රොමේෂ් Wednesday, 11 April 2018 11:58 AM

අවුරුද්දට කලින් සමස්ත ජනතාවගේම දැවෙන ප්‍රශ්නය විසඳා රටටම අවුරුදු කන්න අවස්ථාව උදාකරන්න වගේ හදන්නේ. ඇඹිලිපිටියේ ගොවියෝ තමන්ගේ කෙසෙල් ටික විකුණගන්න බැරිව හඩා වැලපෙනවා. රටේ හැමතැනම ජීවත්වීම පිළිබඳව ප්‍රශ්න.

:       0       26

chaminda Wednesday, 11 April 2018 01:14 PM

පුළුන් ගස් වලින් කැබිනට් හැදුවම නිතරම සංශෝධන. හරි හමන් ලීයකින් හැදුවනම් ඔහොම වෙන්නේ නෑනේ...

:       0       17

Bamunuarachchi Wednesday, 11 April 2018 01:31 PM

එහාට මෙහාට කරන්නේ එකම ටික නේද? ඒගොල්ලන්ගේ වැඩටික නම් කරගනී. රටේ ජනතාවට වෙන සෙතක් නම් නැත.

:       0       83

සමන්ත Wednesday, 11 April 2018 01:36 PM

ගියපාර කැබිනට් එක බෙදීම හරිම දියාරු වගෙයි පෙනුනේ. මේ පාර ඒ ගතිය නැතිවෙයි කියලා හිතනවා. නීතිය හා සාමය විතරක් නෙමෙයි ජාතික ආරක්ෂාවත් දිය යුත්තේ සරත් ෆොන්සේකාට. කොන්ද පන ඇතුව වැඩක් කරන්න පුළුවන් මිනිහෙකුටයි ඒක දිය යුත්තේ. අනිවාර්යෙන්ම හොරු අල්ලන්න ඕනේ. එක කල හැක්කේ සරත් ෆොන්සේකාට බවයයි මිනිස්සු විස්වාස කරන්නේ.

:       513       464

RNG Wednesday, 11 April 2018 03:49 PM

එයාට තියෙන්නේ හොරු ඇල්ලීමේ හැකියාවක් නෙවෙයි. පලිගැනීමේ හැකියාවක්.. එයාගේ තියෙන වෛරී දේශපාලනය ගැන දන්න කෙනෙක් නම් එහෙම විශ්වාස කරන්නේ නෑ..

:       0       0

naradha Wednesday, 11 April 2018 02:16 PM

සමහරක් දරන මතයක් නම් නීතිය සහ සාමය ඇමැතිකම සරත් ෆොන්සේකා මහතාට දුන් විට සියලු හොරුන් ඇලවෙන බවයි. ඔය කව්රු නීතිය සහ සාමය ඇමති වුනත්, ඔහුට නටන්නට වන්නේ අගමැතිගේ සහ ජනාධිපතිගේ බෙර පදයට පමණක් වන අතර, අවසානයේදී කිසිම හොරෙක් අල්ලන්නේ නැත. හොරකමින් තොර දේශපාලනයක් ඇතිවීමට නම්, පිරිසිදු අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් බිහිවිය යුතුයි. ලංකාවේ එවැනි දෙයක් සිදුවෙයි කියා සිතිය නොහැක.

:       2       31

sanath Wednesday, 11 April 2018 06:34 PM

කැබිනට් ඇමතිකම් දෙන්න මෙච්චර ලේසිද? අද 11 හෙට 12 අනිද්දා අවුරුද්ද. පැය 24 න් ඕනෑම කෙනෙක්ව කැබිනට් ඇමති කෙනෙක් කරන්න පුළුවන් කියන්නේ ලංකාවේ තියෙන ලේසිම ජොබ් එක මේක වෙන්න ඕන,

:       0       0

Chanak Los angeles Wednesday, 11 April 2018 07:26 PM

කැබිනට් එකට කව්රු පත්කළත් ජනතාවට නම් සෙතක් වෙන්නේ නැහැ. පත්වෙන කෙනාට නම් සැපයි. නමුත් පක්ෂ තුල හා ඔවුන්ගේ නොනැවතී හටගන්නා මේ අර්බුධ හැමදාම පවතින ක්‍රමය අවසන් කර ජනතා ප්‍රශ්න වෙත යොමුවිය යුතුයි. අපිටනම් ඡන්දයක් අවසන් වූ පසු නැවත ඡන්ද ගැන ඇසෙන්නේ නිසිකලට ඊළඟ ඡන්දය පැමිණි විටයි.. ඒ අතරතුර රටේ යහපත වෙනුවෙනුයි පක්ෂ විපක්ෂ කටයුතු කරන්නේ.. ඒකට ලංකාවේ ඇසෙන්නේ හැමදාම ඡන්ද ඡන්ද ඡන්ද අපිට ඡන්දයක් දෙනු ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 291 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site