(නිමල කොඩිතුවක්කු)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් හිමි නොවන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් විපක්ෂයේ කාර්යභාරය සිදුකරන බවද ඔහු පැවසීය.
රාජපක්ෂ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගෙන ඇති බවත් මහ ලේකම්වරයා තවදුරටත් කීවේය.
COMMENTS
දැනටම ඕකෙන් පනින අය සාකච්ඡාවට ගිහිල්ලා ඇති. විපක්ෂ නායක... ඊළඟට අගමැති කියන වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය සජිත් බිඳ දැම්මාද...?
අන්තිමේ පොදු පෙරමුණේ තැනගන්න තවත් විපක්ෂයක් හැදුවා නේද? ඔය පක්ෂයේ කවුරුවත් මහජනතාවගේ නියම නියෝජිතයෝ ඉන්නවාද?
ඔව්, ඔව් නැතිනම් මීළඟ ඡන්දෙට විපක්ෂයක් නැතිව යවන්නේ..! පක්ෂයේ වෙනම උන්නාට කට්ටිය ඒ පැත්තට යවනවනේ තුනෙන් දෙක හදාගන්න... නේද?
ඒක හොඳයි.. නැතිනම් ලබන වතාවේ ජෙප්පන්ට රට යනවා...
එපා... රටේ මිනිස්සු කන්න නැතුව මැරුණාට පස්සේ මොනවා කරන්නද? මොකද තව අවුරුදු ගාණකට කන්න එකතු කරගෙනනේ ඉන්නේ...
ඇමැති මණ්ඩලයක් හදාගන්න එක අසීරු වේවි..! ගෝඨා සහ රනිල් යටතේ ඇමැතිකම් අරන් ගමේ යන්න බැරිවේවි...!
අපි බලමු...!
ජනතාවට දැන් වහාම තෙල් ටික, ගෑස්, කෑම බීම සහ කිරිපිටි අවශ්‍යයි. ඔබලාගේ බල පෙරේතකම ඔහෙලාම තියාගන්න. සල්ලි අච්චු ගහලා ඩීල් දැම්මේ කව්ද දන්නේ නැහැ.. හොඳට මිනිසුන් කාලා බීලා ඉද්දී අරය එක්ක ඩීල් දාලා ලොකුකම ගන්න ආණ්ඩු පෙරලුවේ කව්ද දන්නේ නැහැ . ඒවා ඩීල් නෙමේද? අන්තිමට අද ජනතාව මහපාරේ ඉන්නේ. ඒ නිසා දැන් වහාම ජනතාව මේ කරදරෙන් මුදවා ගන්න කෙනෙක් අවශ්‍යයි. පුළුවන් නම් ඊට පස්සේ ඔය ගොල්ලෝ රජකම ගන්න. සහයෝගය අවශ්‍ය වෙන එකක් නැහැ මම හිතන්නේ... අපිට දවසක්වත් ඉන්න බැහැ. කන්න නැහැ. අරගල භූමියට යන්න දුර වැඩියි...
ගොන් කතා එපා. අවස්ථා දුන්නාම ගත්තේ නැහැ... කොන්දේසි දදා හිටියා. රටේ මිනිස්සු දුක් විඳිනවා. ඉක්මණින් ඔක්කෝමලා එකතුවෙලා උත්තර හොයන්න ඕනෑ කියන එකවත් මේ අයට තේරෙන්නේ නැහැ... දැන් පරක්කු වැඩියි.
රනිල්ට උදව් කරන්න එපා.. ආර්ථික අර්බුදයට එරෙහිව කටයුතු කරන්න.
නරියත් කිව්වා මිදි තිත්තයි කියලා...
ඔයාලා ඉතිහාසගත අවස්ථාවක් මගහැර ගත්තා. ඔච්චර කුහක වෙන්න එපා.
සජාබයේ සජිත් පිලෙන් සහායක් නෑ කිව්වා නම් තමයි හරි. කටට වැටෙන්න ගිය මිදි වල්ල එපා කියලා දැන් වෙනකෙනෙක් ඒක කෑවාම කෑගහලා හරි යනවද?
සජබ සහාය නැතුවාට කමක් නැහැ මහත්තයෝ... සජබ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර සහාය තියනවා නම්...
මේ අවස්ථාවේ හොඳම තුරුම්පුව තමයි ගහලා තියෙන්නේ...
මිදි මාර තිත්තයි නේද?
සජබ වෙනුවෙන් ඡන්දය දුන්නු කෙනෙක් ලෙසට කියන්න වෙනවා මේ වෙලාවේ රට වැටී තිබෙන තත්වයෙන් ගොඩගැනීමට අගමැතිට සහාය දියයුතුයි කියලා මම හිතන්නේ නැහැ. රනිල් මෙවර මෙම තනතුර රැගෙන රට තරමක් හෝ ශක්තිමත් කිරීමෙන් පසුව නැවතත් දේශපාලනය කරාවි කියලා සජබ පිරිස් ඔවැනි තීරණ ගතහොත් සේන අම්බලන්ගොඩ මහතා පුන පුනා කියන 2024 ජනාධිපතිවරණයෙන් අනුර කුමාරගේ ජයග්‍රහණය වැළැක්විය නොහැක.
අනේ, තමුන්ට මහින්ද ගිය වෙලාවේ රජය බාරගන්න තිබුණා. බයට, බැරිකමට මේස අස්සේ හැංගිලා ඉඳලා දැන් පොරටෝක් දෙනවා. මහින්ද අයින් වුණා කියලා ගැසට් එක ගහලත් බකන් නිලාගෙන හිටියේ තමුන්ලාට බැරිකම නිසා වෙන කිසිදෙයක් නොවේ රටයි, අපේ අනාගතයයි කාලකන්නි කරන්නේ නැතිව දැන්වත් පැත්තකට වෙලා ඉන්න මේක රටක්..., සෙල්ලම් ගෙදරක් නොවෙයි.
සජබේ මොනවද පසුගිය දවස් 40ක් විතර කළේ? නිකන් කාලය කා දමලා රට තවත් අගාධයට යනකන් බලාගෙන හිටියා. කිසිම වැඩපිළිවෙළක් යෝජනා කළාද? අගමැතිකම අරගෙන රට ගොඩනගන්න කිසිදු උත්සාහයක් ගත්තද? නැහැනේ.... නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුයි තව පොඩ්ඩක් ඕනෙ වගේ තමයි හැසිරුණේ. රටට ආදරයක් තිබේනම්, දැන් රනිල් අගමැතිට සහාය දීලා තව අවුරුද්දකින් හෝ දෙකකින් පාර්ලිමේන්තු ඡන්දෙන් බලය ලබාගන්න. අපිත් රනිල්ට පුද්ගලිකව කැමැති නැහැ. ඒ වුණාට මේ වෙලාවේ අඩුම තරමේ ප්‍රශ්නෙ හරියට අඳුරගෙන ඒ ගැන පාර්ලිමේන්තුවේ කතා කරපු කිහිප දෙනාගෙන් කෙනෙක් එතුමා. ඒ වගේම ජාත්‍යන්තරයෙන් යම් උදව්වක් ගන්න තරම් සබඳතා තියෙන්නෙත් එතුමාට විතරයිනේ..
අවශ්‍යත් නෑ..
සජිත් කරන්නෙත් ඒකම තමයි.. මහින්දලාව රකිනවා.
කවුරු ආවත් වැඩක් නැහැ. මේ ක්‍රමය මාරු නොකර... ඉදිරිපත් කරපල්ලා ක්‍රමයක්... ඔය කවුරු ආවත් එතකොට කමක් නැහැ. එන කෙනාට තියෙන්නේ ඒ ක්‍රමයට මේක කරන එක...
ඔවුන්ට පිට කොන්දක් නැහැ. ඔහු විපක්ෂ නායකකමට සුදුසු නැහැ.