
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ වරාය රන්වල නාවික හමුදා අවි ගබඩාවෙන් සොරාගත් ටි 56 ගිනි අවියක් සමඟ නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මූලස්ථානය කියයි.
ලද තොරතුරකට අනුව නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් කුලියාපිටිය පොලිසියේ නිලධාරීන්ගේ සහය ඇතිව ගල්පොළ ජනපදය ඉලුක්හේන ප්‍රදේශයේ පිහිටි නාවික හමුදාවට අනුයුක්ත සේවය කරනු ලබන සෙබලෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය හමුවී ඇත.
සැකකාර සෙබළා 2021 වසරේදී කොළඹ වරාය රන්වල කඳවුරට අනුයුක්තව අවි ගබඩාව භාරව කටයුතු කළ සෙබලා බවත් එම කාලයේදී මෙම ටි 56 ගිනි අවිය අස්ථානගත වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා ගිනි අවිය සමඟ වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් නාවික හමුදාව විමර්ශනවලින් පසු වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් මූලස්ථානය වෙත භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාවේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවික හමුදා අවි ගබඩාවෙන් අවියක් පැන්නූ සෙබළා අල්ලයි