දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරමින්, එකමුතු වී නව සන්ධාන රජයක් පිහිටුවීමේ අරමුණින්, පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක නවාස් ෂරීෆ් සහ පාකිස්තාන ජනතා පක්ෂයේ නායක බිලාවල් බූතෝ අතරේ සාකච්ඡා පැවැත්විණි.
පාකිස්තාන මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව, කිසිදු පක්ෂයකට තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය හිමි නොවිණි.
වැඩිම ඡන්ද දිනා ගත්තේ ස්වාධීන අපේක්ෂකයන්ය. ඔවුන්ගෙන් බහුතරය, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයන්ය.
ස්වාධීන අපේක්ෂකයන් දිනූ ආසන සංඛ්‍යාව 102 කි. ඊට අමතරව, වැඩිම ආසන සංඛ්‍යාවක් දිනුවේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂයයි.
හිතවත් ස්වාධීන කණ්ඩායම් හවුල් කර ගනිමින්, ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට ද සන්ධානගත වී රජයක් පිහිටුවීමේ හැකියාවක් නොමැති බව පෙනී ගොස් තිබේ.
මුස්ලිම් ලීගය එන් දිනූ ආසන ගණන 73 කි. ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු 35 හැවිරිදි බිලාවිල් බූතෝ සහ ඔහුගේ ජනතා පක්ෂය දිනූ ආසන ගණන 54 කි. බහුතරය සඳහා ආසන 169 ක් තිබිය යුතුය.
පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක නවාස් ෂරීෆ් සහ පාකිස්තාන ජනතා පක්ෂයේ නායක බිලාවල් බූතෝ සන්ධානගත වුවත්, රජයක් පිහිටුවීමට ස්වාධීන පක්ෂ හවුල් කර ගැනීමට සිදුවනු ඇත.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නවාස් ෂරීෆ් - බිලාවල් බූතෝ සාකච්ඡා
Hafeel Monday, 12 February 2024 01:34 PM
මෙහෙ වගේ තමයි එහෙත්... දූෂිතයින් එකතු වෙනවා.