IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිවාස ඔප්පු වැඩසටහන කැබිනට් අනුමැතියට

(අංජුල මහික වීරරත්න)

නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉදිරිපත් කළ අයවැය යෝජනා යටතේ මෙම නිවාස හිමිකම් ඔප්පු දෙන බවද අමාත්‍යවරයා කීය.

අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් යෝජනා කර ඇත්තේ හිමිකම් ඔප්පු ලබාදීමේදී නිවාස හිමියන්ට ඒ සඳහා දැරිය යුතු වන නොතාරිස් ගාස්තු, මුද්ල ගාස්තු හා වෙනත් බදු සඳහා වැයවන මුදල මහා භාණ්ඩාගාරය මඟින් දැරීමට නියමිත බවයි.

මෙම නිවාසවල පූර්ණ අයිතිය පැවරීමේදී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට එම නිවසේ පදිංචිව සිටින ඔහුගේ උරුමකරුවන් වෙත පමණක් පූර්ණ නිවාස හිමිකම ලබාදිය යුතු බවද කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

මෙම කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ලබාගැනීම සඳහා ඉදිරිපත්කර ඇති අතර හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට අදාල නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (2)

නිවාස ඔප්පු වැඩසටහන කැබිනට් අනුමැතියට

Indhika Tuesday, 23 January 2024 02:03 PM

චන්දෙ ලං වෙද්දී කරන මෙවැනි ක්‍රියා වහාම නවත්වන්න ඕනේ

:       2       16

surangaTuesday, 23 January 2024 03:04 PM

ඉන්දික මොකද කලබල වෙලා? මේක හොඳ වැඩක්නේ... තමන්ට තමන්ගේ ඡන්ද දායකයෝ ගැන විශ්වාස නම් ඇයි බයවෙන්නේ...?

:       10       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site