IMG-LOGO

නාවලපිටියේ ජයතිලක ක්‍රීඞාංගනය ජනපති අතින් ඉරිදා විවෘත කෙරේ

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පළාත් ක‍්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 250 ක වියදමකින් නිමකළ නාවලපිටිය ජයතිලක ක‍්‍රිඩා සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන ඉරිදා විවෘත කෙරේ. ග‍්‍රාමීය මට්ටමේ සිට ක‍්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කර දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන යාම සදහා ජාත්‍යන්තර ප‍්‍රමිතියකින් හා ඉහළ තාක්ෂණයකින් යුත් ක‍්‍රීඩා සංකීර්ණ ප‍්‍රාදේශීය ,දිස්ත‍්‍රික් සහ පළාත් මට්ටමින් ඉදි කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශය සැලසුම් කර ඇත. පසුගිය වසරේ ආරම්භ කරන ලද මෙම සැලැස්මට අනුව, උතුරු පළාතේ කිලිනොච්චි ක‍්‍රීඩාංගණය, ඌව පළාත් ක‍්‍රීඩාංගණය, උතුරු මැද පළාත් ක‍්‍රීඩාංගණය යන කී‍්‍රඩංගණ වලට පෙර නිම කරන ලද්දේ නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයයි. ක‍්‍රීඩා 25 ක් සඳහා අවශ්‍ය පහසුකම් මෙම ක‍්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය තුළින් ලබා දීමට අපේක්‍ෂා කෙරේ.  මීටර් 400 ක ධාවන පථයක්, මීටර් 200ක පුහුණු ධාවන පථයක්, ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් පාපන්දු සහ රගර් ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩාංගණයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර, ක‍්‍රීඩා 25ක් පුහුණු විය හැකි අංගසම්පූර්ණ ගෘහස්ථ ක‍්‍රීඩාංගණයකින්ද මෙය සමන්විත වන බව ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

නාවලපිටියේ ජයතිලක ක්‍රීඞාංගනය ජනපති අතින් ඉරිදා විවෘත කෙරේ

වරුණ Friday, 29 June 2012 12:51 PM

ඇයි නම වෙනස් නොකරේ ?

:       0       0

ඉරේෂ් Friday, 29 June 2012 01:42 PM

හොඳ වැඩක්..

:       0       0

සේනානායක Friday, 29 June 2012 03:11 PM

කොහොමටත් ඇමති තුමා ගමට සලකනවා .

:       0       0

අරා Friday, 29 June 2012 04:37 PM

ඉතා වැදගත් ආරම්භයක් . තරුණ පරපුර ක්‍රීඩාව තුලින් හෝ ගොඩගැනීමට බලධාරීන්‍ට ශක්තිය ලැබ්වා !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 138 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2256 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site