ලබන 1 වැනිදා සිට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සියයට 8-10 ත් අතර ප්‍රමාණයකින් අඩුවන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.
ඒ අනුව රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වාද රුපියල් 13ක ගාස්තුව රුපියල් 12 දක්වාද අඩුවේ.
මේ අනුව රුපියල් 51 ගාස්තුව රුපියල් 44 දක්වාද රුපියල් 101 රුපියල් 93 දක්වාද රුපියල් 201 රුපියල් 184 දක්වාද රුපියල් 301 රුපියල් 276 දක්වාද රුපියල් 400 රුපියල් 368 දක්වාද රුපියල් 501 රුපියල් 459 දක්වාද අඩුවන බව ජාතික ගමනාගමන කොමිසම කියයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නවය එකකින් බහී
රොෂාන් Wednesday, 28 January 2015 04:36 AM
අවම ගාස්තුව සහ එයට උඩින් තියෙන ගාස්තුව යන දෙකම 10 තබන්න පුලුවන්නම් තමයි දෙගොල්ලටම සාධාරණ. අදාල වගකිව යුත්තන් දැනුම්වත් වේවා! (බ)
සමන් Tuesday, 03 February 2015 03:40 PM
මේ ඔක්කොටම කලින් බස් එකක මනුස්සයෙකුට වාඩි වෙලා යන්න පුලුවන් විදියට සීට් එකක අවම පලලක් නීතියෙන් නියම කරන්න. ලංකාවෙ දුවන බස් වලින් වැඩි හරියක, විශේෂයෙන් ඉන්දියන් බස් වල අයිනෙම වාඩි වෙලා යන මනුස්සය යන්නෙ නිකන් පාපුවරුවේ එල්ලිලා යනව වගේ. ඇගෙන් භාගයක්වත් සීට් එකේ නෑ. මම ලංකාදීප පත්තරේ සේවය කරන මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලීමක් කරනව මේ පිලිබදව සොයා බලා මේ බස් වල උදේ හවස යන අපි වගේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඩක් නගන්න කියල. (නදී)
ප්‍රියංක Tuesday, 27 January 2015 10:04 AM
දැන් කොන්දොස්තරට එක රුපියලට රුපියල් දෙකක්ම තියෙනවා. (නි)
නිරෝෂ් Tuesday, 27 January 2015 10:06 AM
කොන්දොස්තරට නියමයි. ඉස්සර රුපියල දෙන්නේ නැහැ.දැන් එකට හරියන්න දෙකක්. (නි)
බුද්ධික Tuesday, 27 January 2015 10:11 AM
ගොඩක් හොඳයි, සැමට සුබ ආරංචියක් (නි)
රෝහිත Tuesday, 27 January 2015 10:18 AM
ඉතුරු සල්ලි කොන්දොස්තරටනේ (නි)
පුබදු Tuesday, 27 January 2015 10:22 AM
යහ පාලනයට සුබ පැතුම් (දිල්)
රුවන් Wednesday, 28 January 2015 01:44 AM
කොන්දොස්තරට ජයවේවා රුපියල් දෙකකින්... (නි)
සත්‍යපාල Tuesday, 27 January 2015 11:37 AM
මෙම අඩුවීම ප්‍රමාණවත් නැත. අඩුම තරමමේ අවම බස් ගාස්තුව රුපියල් 2කින් වත් අඩුකල යුතුව තිබුනා. (ර)
නාගොඩ හිරුණි Tuesday, 27 January 2015 03:12 PM
මේ සත්‍යපාල, ලැබුණු දෙයින් සතුටු වන්න. (නි)