ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ගාමිණී දිසානායක ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්විය. ඉන්දීය ටෙනිස් සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලියේ කේවළ ඉසව්වේදී ඉන්දීය ක‍්‍රීඩකයන් අභිබවා යමින් අවසන් මහා තරගයට ගාමිණී සමග රෝද පුටු ටෙනිස් ජාතික ශූර උපාලි රාජකරුණා සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනේ.
අවසන් තරගයේදී රාජකරුණා පරදවා ගාමිණී දිසානායක තරග වට 2-0 (6-4, 6-3) ක ජයක් ලැබීය. යුගල ඉසව්වේ අවසන් තරගයේදී ඉන්දියාවේ ඞී. මාරියප්පන් සහ සුබ‍්‍රමනියම් බාලචන්ද්‍ර පරදවා උපාලි සහ ගාමිණී ශූරතාව දිනා ගැනීමට සමත්වුහ. එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 6/4, 6/3 ක් ලෙස තරගය ජය ලැබුහ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නවදිල්ලි රෝද පුටු ටෙනිස් තරගාවලියේදී ගාමිණී දිසානායක ශූරතා දෙකක් දිනයි