IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නැවතුන ව්‍යපෘති සියල්ල යළි අරඹන දවස බන්දුල කියයි

(අංජුල මහික වීරරත්න)

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවන ණය වාරිකය නිකුත් කිරීමෙන් අනතුරුව නැවතී තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට හැකි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ වන විට සිරවී තිබෙන ණය ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 36ක් බවද එයින් ඉදිරි වසර 05ක හෝ 06ක කාලයේ ගෙවීමට තිබෙන්නේ 37%ක් පමණක් බව ගුණවර්ධන මහතා පැවසීය. එම ණය ප්‍රමාණයෙන් 51%ක් ගෙවීමට තිබෙන්නේ වසර 06ත් 20ත් අතර කාලයකදී බව කී ගුණවර්ධන මහතා තවත් 12%ක් ගෙවීමට නියමිතව ඇත්තේ වසර 20කට පසුව බව කීය. කවුරුන් විසින් ආණ්ඩු කල ද 2048 වර්ෂය දක්වා මෙම ණය ගෙවීමට අප රට බැඳී සිටින්නේ යැයිද එසේ නොගෙවන්නේ නම් ඒ පාර්ශවයට ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි වනුයේ සති දෙකක් පමණක් බවද අමාත්‍යවරයා කීය.

 



අදහස් (4)

නැවතුන ව්‍යපෘති සියල්ල යළි අරඹන දවස බන්දුල කියයි

පියල් වීරසිංහ Thursday, 16 November 2023 07:27 AM

ඔය ණය ගෙවන්න පුලුවන් ගිරිවාපත්තුවේ මහා ගෙදරින් ඉල්ලගෙන.

:       0       4

duminda Thursday, 16 November 2023 08:44 AM

දේශපාලන විසදුමක් ඔනි නැහැ, තමුසෙ ගෙදර යනව ඉතින්

:       0       3

Kazi Shajahan Thursday, 16 November 2023 08:49 AM

ඇපෙ බන්දුල සර් , ගෙ නමත් ඉතිහාසෙට එක්වෙනව රට බංකොලොත් කරන්ඩ දායක උන ලිස්ට් එකට .

:       0       3

anuranga Thursday, 16 November 2023 09:29 AM

මෙයාගේ මූන නොදා නිවුස් එක විතරක් දාන්න,

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site