විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වන තරගවල ලකුණු සටහන් කිරීම සදහා එහි ගිය ලකුණු සටහන් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සූදානම් කර නොතිබීමෙන් ඔවුන් ඊයේ (20 වැනිදා) දැඩි අපහසුතාවට පත්වූ බව වාර්තාවේ. කොළඹින් ඊයේ (20) පෙරවරුවේ පිටත් වූ ලකුණු සටහන්කරන නිලධාරීන් පස් දෙනාට රාත‍්‍රි 10.00 වන විටත් නවාතැන් පහසුකම් ලැබී නොතිබූ බව වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් නවාතැන් පහසුකම් බාරව කටයුතු කළ නිලධාරිනියට දන්වා ඇතත්, තමන් ලකුණු සටහන්කරුවන්ගේ නවාතැන් පිළිබදව නොදන්නා බව ඇය පවසා ඇති බව ද වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා මැදිහත් වීමෙන් පසුව නවාතැන් පහසුකම් සැලසීමට කටයුතු කළ බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නවාතැන් නොමැතිව ලකුණු සටහන් නිලධාරීහු අමාරුවේ
සිසිර Friday, 21 September 2012 10:58 AM
මොනවා කරන්න ගියත් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇන ගන්නවා..(ස)
ප්‍රභාත් Saturday, 22 September 2012 06:56 AM
නවාතැන් භාර නිලධාරියා දන්නේ නැතිනම් අපි මොනවා කරන්නද?(නු)
වාසල Friday, 21 September 2012 12:38 PM
මෙයාලට මේ ලෝකේ දෙයක් හරියට කරගන්න බැහැනේ. (නි)
සෑම් Friday, 21 September 2012 03:15 PM
හැබැයි මේ සදහා සල්ලි දැනටමත් අයකරගෙන අදාල අය බැංකුවලටත් දාගෙන ඇති..!(නු)
වරුණ Friday, 21 September 2012 10:16 AM
ලකුණු සටහන් කරන අයගේ හෝටල් ගාස්තුව පිල්ලි ගිහිං වගේ..!(නු)
වරුණ Friday, 21 September 2012 10:19 AM
තව ටිකදවසකින් ක්‍රීඩකයන්ගේ විනිසුරුවන්ගේ ලකුණු සටහන්කරන්නන්ගේ නවාතැන් පහසුකම් අයි සී සී එකෙන්ම සූදානම් කරයි.. වැටුප් ගෙවනවා වගේ.!(නු)
යොහාන් Friday, 21 September 2012 10:32 AM
කොහේද තැන (ස)