IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නිවිතිගල සමූපේ බලය විපක්ෂයට

(අජිත්ලාල් ශාන්ත උදය)

සීමාසහිත නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියේ පාලනය සමගි ජන බලවේගය සහ පොදු ජන එක්සත් පෙරමුණ එක්ව සමගියෙන් පිහිටුවීය.

එම සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංඛ්‍යාව හතකි. ඉන් පස් දෙනෙක් සමගි ජන බලවේගයෙන් තේරී පත්වූහ.ඉතිරි දෙදෙනා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තේරී පත්වූහ.

නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය නිවිතිගල සමූපකර ගොඩනැගිල්ලේ දී පැවැත්විණි.

එහිදී සමගි ජන බලවේගය නියෝජනය කළ අසංක ගුණසේකර මහතා ජන්ද 78ක් ලබා ගත්තේ ය. එම පක්ෂයේ සුදින්ත කුමාර ජන්ද 74, ඊ. සුගතදාස , ලසන්ති චතුරිකා සහ රංගික රොෂාන්ත යන තිදෙනා ජන්ද 73 බැගින් සම සමව ලබාගත්තේ ය.

පොදු ජන එක්සත් පෙරමුණේ කුමාරසිරි දයානන්ද මහතා ජන්ද 81ද, ඒ. සුමනපාල මහතා ජන්ද 77ක් ද, ලබාගත්තේ ය.

සභාපතිවරයා සහ උප සභාපතිවරයා පක්ෂ දෙකෙන් තේරීපත්වූ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන්  ඒකජන්දයෙන් තෝරාගනු ලැබීය.

 



අදහස් (14)

නිවිතිගල සමූපේ බලය විපක්ෂයට

උකුස්සා Thursday, 09 October 2025 06:50 PM

තව ඉන්නව මොළේ හිරිවැටිච්චි කට්ටිය...

:       27       31

de silva Thursday, 09 October 2025 07:17 PM

දිගින් දිගට පොරොන්දු ඉටු නොකර පච කියමින් කාලය ගතකලොත් පළාත් සභාවටත් ලැබෙන්නේ මේ වගේ ප්‍රතිඵලයක්...

:       40       48

ගුණරත්න Thursday, 09 October 2025 08:01 PM

මාළිමාව හෝ ජවිපෙ ආයේ ඡන්ද දිනන්නේ නැහැ.

:       40       50

MindZap Thursday, 09 October 2025 09:05 PM

කච්චිය පිච්චියට ගියත් ඇඳුම් අඳින්නේ නැති බලු රාලලා තමයි ඔය.

:       13       32

sunil Thursday, 09 October 2025 09:28 PM

යකෝ රටේ තියෙන වංචා දූෂණය නැති කරපු එකම මදිද තොපිට. මම නම් ඔය එක්කොටුවත් චන්දි දුන්නෑ මොකද මම ඉන්නේ රට නිසා. ඒත් අපිට තේරෙනවා ලංකාවේ ලොකු වෙනසක් වෙනවා කියලා. කාලකන්නි ජාතියක් වගේ නිකං කන්ඩ ඉන්නැතුවත් තොපිත් තොපේ මොනාහරි කරපියව්. යකෝ පොරොන්දු දෙන්නව ඉෂ්ට කරන්න දවසෙන් දෙකෙන් බෑ. කෝටි ප්‍රකෝටි ගාණක් ලෝකයටත් ලංකාව ඇතුළතත් රජය ණය වෙලා ඉන්නේ. තොපේ හෝ සමගි ජවන වේලා එක්සත් ජාති පසුව කාලකන්නි පරම්පරා ගාණටම කාලා ඉවරයි රට. සමූපකාර ගැන තොපි හිතනවද සමාජ සේවයක් කරනවා කියලත් තනිකර පට්ට හොරු ගොඩක් වගේ ඉන්නේ. ඉතින් නාමල්ලා උඹලා කරපල්ලා ජනාධිපති බලපල්ලකෝ මාසයක් ගියහම උන්ගේ පරම්පරාවේ තියෙන නඩු ටික ඉවර කරගන්න අවුරුද්දක් යනවා. පරම්පරාවට. යකෝ මොනවා හරි රජයකට තුනෙන් දෙකේ බලයක් දුන්නා කියන්නේ ඒක හොඳයි. ඔය කාලකන්නි ඔක්කොම එකතුවෙලා රජයක් හැදුවා කියන්නේ උන්ගේ හැම එකාටම දෙන්න ඕන මොන හරි බඩකඩිත්තුවක් ඒ අපේ සල්ලිවලින් දෙන්නේ. අපේ වගේ මෝඩ ජාතියක් ලෝකේ කොහේවත් නෑ.

:       30       37

සෙනෙවිරත්න Friday, 10 October 2025 09:45 AM

සුනිල් පිටරටකට වෙලා ලොකු මානසික පීඩනයකින් ඉන්නවා වගේ. නිතරම වෛරී සිතුවිලි තියෙන අයට පිළිකා හැදෙනවලු. පරිස්සමෙන්.

:       9       17

දිනෙශ් Thursday, 09 October 2025 10:27 PM

මාලිමාවෙන් ඡන්දෙට ඉදිරිපත් වුනාද කියලා ගැටලුවක් තියෙනවා.

:       10       25

Neel Thursday, 09 October 2025 11:50 PM

අවුරුද්දක් දෙකක් යනකොට ප්‍රතිපල බලාගන්න පුලුවන්...

:       0       9

Nishan Friday, 10 October 2025 07:00 AM

සුනිල් කියලා තියෙන දේ දැක්කම හිනාව නවත්තගන්න බැරි උනා. මුලින්ම කියලා තියෙන්නේ රටේ වංචාව දූෂණය නැවත්තුවාලු. මොන වංචාව දූෂණයද දන්නේ නෑ නැවත්තුවේ. රටේ මිනිස්සු දකින විදියට නම් වංචාව සහ දූෂණය ආණ්ඩුවේ නායකයන් එළිපිට කරන තත්වයක් දැන් තියෙන්නේ. පහුගිය දවස්වල එලි දැකපු ඇමතිලාගේ වත්කම් ප්‍රකාශ දිහා දැක්කම පේනවා අරගලෙන් පස්සේ ඔවුන් කෝටිපතියෝ උන හැටි පුදුම සහගතයි. අනිත් ප්‍රධානම කාරණය නම් වංචාව දූෂණය ගැන හොයන්න පත් කරලා ඉන්න නිළදාරීන්ට බරපතල දූෂණ චෝදනා තියෙනවා, ඒත් ඒවා විභාග කරන පාටක් නෑ.

:       7       13

සෙනෙවිරත්න Friday, 10 October 2025 07:21 AM

මොනව උනත් රටෙි යහපත් දෙයක් වෙනවා හොරු සෙට් එක බිය වෙලා.

:       7       6

පුරවැසියා Friday, 10 October 2025 07:23 AM

කොහොමත් එදා ඉඳල ඕව අරක්ගත්තෙ ඔය අයම තමයි, ඡන්දෙ හිමිත් ඒ අයටම තමයි

:       4       4

C.K.Lankaputhra Friday, 10 October 2025 08:01 AM

ඉතින් එහෙනං මොකක්ද ප්‍රශ්නේ. ආණ්ඩුව පෙරලල දාලා අලුත් ආණ්ඩූවක් හදන එකනේ ඇත්තේ.

:       3       5

Bunny Preena Friday, 10 October 2025 02:44 PM

විපක්ෂයේ උන්දලාට පොඩි චූන් එකක් ලැබිලා ඇති. ළඟදීම ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වෙයි කියලා හීන මවා මවා සාස්තර බලන එවුන්ගේ පස්සෙන් දේවාල . කෝවිල් ගාණේ ගාටන්න පටන් ගෙනද දන්නේ නෑ.

:       5       2

Dissanayaka Saturday, 11 October 2025 11:35 AM

මිනිසුන් වැරැදි හදාගනිමින් සිටිති. ටොම්පචයාගේ ආණ්ඩුවට කෙලවෙමින් පවතියි. බොරුව දිගුකල් නොපවතී. සත්‍ය ජයගනී. ඩෝබිලා සෙට් එකට පාරකටවත් බහින්න බැරිවේවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site