කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාව, පිරිමි අංශයේ වැඩි ගෞරව දිනාගත් අතර කාන්තා අංශයේ වැඩි ගෞරව දිනාගැනීමට මාස් සදර්න් කී‍්‍රඩා සමාජය සමත්විය.
ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් 71 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය ඉකුත් 17 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුන ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ එම්. මලිත් ප‍්‍රභාෂ්වරද දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතියෙන් තරග කළ මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ කෝසලා නිල්මිණිද තේරී පත්වූහ.
දක්ෂතම පරාජිතයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුන ගුවන් හමුදාවේ ඩබ්. ඒ. පෙරේරා සම්මාන ලබාගනිද්දී, දක්ෂතම පරාජිකාව ලෙස ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුන මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ එල්. උදයංගනී සම්මාන ලැබුවාය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලිය, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූටා, කැෂුවල්ලයින් යන කී‍්‍රඩා සමාජ නියොජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැුසක් මෙම තරගාවලියට සහභාගීවූහ.
මෙම තරගාවලියම ‘තායිපේ නගර කුසලාන’ 3 වැනි අන්තර් ජාතික බොක්සිං තරගාවලයේ තේරීම් තරගාවලියක් ලෙසද පැවැත්විණ. එම තරගාවලිය එළඹෙන අගෝස්තු මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා තායිවානයේ තායිපේ නුවර පැවැත්වීමට නියමිතය.
ශී‍්‍ර ලංකා ජාතික බොක්සිං සංගමයේ හිටපු සභාපති වරයෙකු වන කේ. වී. ධර්මදාස මහතා ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවිය.
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතිය
එම්. මලිත් ප‍්‍රභාෂ්වර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්. ඒ. පෙරේරා (යුද හමුදාව) පරාජය කරන ලදී.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
ඒ. සී. චන්ද්‍රසිරි (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් එම්. වී. බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදී.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
එන්. ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්. ආර්. ටී වීරක්කොඩි (යුද හමුදාව) පරාජය කරන ලදී.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
ආර්. ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව) විසින් පී. වී. සපරමාදු (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
ඒ. පී. ජයලත් (යුද හමුදාව) විසින් ඞී. විජේරත්න (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ඞී. එල්. කුමාර (නාවික හමුදාව) විසින් එන්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ජී. එච්. මදුසංක (කැෂුවල්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් පී. ඞී. ඞී. මදුරංග (යුද හමුදාව) පරාජය කරන ලදී.
ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ජී. ඒ. එන්. ප‍්‍රනාන්දු (නාවික හමුදාව) විසින් ඒ. බී. පී. චන්ද්‍රකුමාර (යුද හමුදාව) පරාජය කරන ලදී.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
බී. එන්. එස්. සම්පත් (නාවික හමුදාව) විසින් ඒ. ජී. ගුණරත්න (පොලිසිය) පරාජය කරන ලදී.
සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ඒ. ආර්. තිලකරත්න (යුද හමුදාව) විසින් අයි. පී. බී. රත්නදිවාකර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
කාන්තා තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
කෝසලා නිල්මිණි (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්. එච්. හේරත් (යුද හමුදාව) පරාජය කරන ලදී.
ෆ්ලයි වේට් (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතිය
කේ. එච්. ද සිල්වා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ආර්. ඒ. එන්. පුෂ්පා කුමාරි (සිලූටා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
බී. එන්. එරන්දි (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් විදුශිකා ප‍්‍රබාධි (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 57) බර පංතිය
කේ. ඒ. කේ. හංසිකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් එම්. පී. කේ. සල්ගාදු (යුද හමුදාව) පරාජය කරන ලදී.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
නිරංජලා සේනානායක (සිලූටා කී‍්‍රඩා සමාජය) විසින් එල්. උදයංගනී (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
පී. ජයසේකර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් එස්. සී. එස්. සිරිවර්ධන (නාවික හමුදාව) පරාජය කරන ලදී.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ජී. එච්. ධර්මසේන (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ඞී. එම්. චන්ද්‍රරත්න (පොලිසිය) පරාජය කරන ලදී.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ඞී. ඞී. එස්. වීරරත්න (පොලිසිය) විසින් ඒ. ඒ. නිලන්ති (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදාව - මාස් සදර්න් වැඩි ගෞරව දිනති
ඉදුනිල් Tuesday, 20 August 2013 09:02 AM
නියමයි (නි)