IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නවක වදය දුන්නැයි රිමාන්ඩ් සිටි කැලණියේ සිසුහු දෙකකට ඇප

( ඩබ්ලිව් ඩී ඵමි විතානගේ ) 

කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට නවක වදය ලබා දීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය සිදු කොට මහර අධිකරණයට ඉදිරිපත් කරන ලද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු දැඩි කොන්දේසි  ඇප මත මුදා හැරීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් සමන් දිමුතු කුමාර පරණ ලියනගේ අද ( 7) පස්වරුවේ නියම කෙළේය 

මේ අනුව මේ සිසුන් දෙදෙනා දිර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම සම්බන්ධව අවධානය යොමු කරමින් එම සිසුන් දෙදෙනා රුපියල් 7500 /--බැගින් වු මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින බව පැවසූ  මහේස්ත්‍රාත්වරයා ඔවුනට මාස දෙකකට වරක් අවසන් ඉරුදින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට හා   විදේශ ගමන් තහනම් කරන බවට ද නියෝග කෙරිණි. 

තවද ඇප කොන්දේසි කඩ කළහොත් ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් එසේ රක්ෂිත බන්ධනාගාර ගත  කළහොත් ඇප ලබා ගත යුත්තේ මහාධිකරණයෙන් බවට ද මහේස්ත්‍රාත්වවරයා ඔවුනට කීය.

තවද  සාක්කිකරුවන්ට බලපෑම් නො කළ යුතු බවටත් විශ්ව විද්‍යාල සිසුන්ට කිසිම අයුරකින් හිරිහැර නොකළ යුතු බවටත් ඔවුනට වැඩිදුරටත් කීය 

මෙසේ ඇප මත මුදා හැරිනූ ලැබුවේ කැලණිය විශ්ව විද්‍යාලයේ දිල්ශාන්  හර්ෂණ විජේසිරි හා කැලුම් මුදන්නායක යන සිසුන් දෙදෙනා ය.



අදහස් (5)

නවක වදය දුන්නැයි රිමාන්ඩ් සිටි කැලණියේ සිසුහු දෙකකට ඇප

මියැසි Monday, 07 August 2023 07:45 PM

අනුන් පීඩනයට පත්කර සතුටු වීමේ ත්‍රාඩ මානසිකත්වය සහිත මේ පුතුන් දෙපළ මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීම වඩාත් යෝග්‍යයි.

:       1       25

samanMonday, 07 August 2023 08:08 PM

මේ අය කාගේ පුතාලාද යන්න සඳහන් කිරීමත් වැදගත්...

:       0       20

හරිස්චන්ද්‍ර Tuesday, 08 August 2023 05:17 AM

ඒ අදහස ඉතාමත් නිවැරදියි දරුවො මෙහෙම වෙන්න පවුල් පසුබිම හා ජීවත්වන ගම් ප්‍රදේශයේ තත්වයත් හේතුවක් වෙනවා

:       0       0

Upul Tuesday, 08 August 2023 05:43 AM

කිසිඳු අනුකම්පාවක් නොදැක්විය යුතුයි

:       0       0

sam Tuesday, 08 August 2023 01:31 PM

මේ කාලකණ්ණි දෙන්නගේ ශිෂ්‍යභාවය අහෝසි කරලා ගෙදර යවන්න. විශ්ව විද්‍යාලයට පිළිලයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site