සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භවන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞෂාල් ඇතුළත්ව සිටියි.
රත්ගම දේවපතිරාජ විදුහලෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිසි 19 හැවිරිදි කෞෂාල්, නවසීලන්තය සමග දැන් පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ද එක්ව සිටී.
ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක චානක වෙළගෙදර සංචිතයට එක්ව සිටින අතර ළහිරු තිරිමාන්නට ස්ථානය අහිමිව තිබේ.
ධම්මික ප‍්‍රසාද් සහ ශාමින්ද එරංග 15 දෙනකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින අතර තිසර පෙරේරා සහ නුවන් ප‍්‍රදීප්ට සංචිතයේ ස්ථානයක් නොමැත.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන (කඩුලූ රකින්නා), තරිඳු කෞෂාල්, සුරාජ් රන්දිව්, රංගන හේරත්, නුවන් කුලසේකර, දිනේෂ් චන්දිමාල්, චානක වෙලගෙදර, ශාමින්ද එරංග සහ ධම්මික ප‍්‍රසාද්
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නවක ක‍්‍රීඩක තරිඳු කෞෂාල් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයටත්
අශෝක Friday, 09 November 2012 03:31 PM
සල්ලි ගැන නොහිතා රට ගැන හිතලා වැඩ කරන්න පුතා (ස)
රොහාන් Friday, 09 November 2012 03:53 PM
තරංග පරණ විතාන වෙනුවට දිමුතු කරූණාරත්න ගත්තානම් හොඳයි. මෙදා දිමුතු දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම් තරගයේ දි හොඳට සෙල්ලම් කළා (අ)
සුජිත් Friday, 09 November 2012 04:57 PM
අශෝක, ඕකනම් කවදාවත් වෙන දෙයක් නෙමෙයි. (නි)
චන්ද්‍රසිරි Friday, 09 November 2012 05:58 PM
හොදට සෙල්ලම් නොකළොත් කැපෙයි. ඊට පස්සෙ කාටවත් බණින්න එපා. (නි)
ගමගේ Friday, 09 November 2012 06:25 PM
සුභපැතුම්
ගමගේ Friday, 09 November 2012 06:40 PM
තරුණයින්ට වඩාත් ඉඩ දෙන්න ඕනේ
චමත් Friday, 09 November 2012 07:40 PM
සුභ පැතුම්! (නි)