‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම සඳ ගවේෂණයට යැවූ ‘බ්ලූ ගෝස්ට්’ (Blue Ghost) රොබෝ ගවේෂණ යානය අද (2) සාර්ථකව සඳට පතිත කළේය.
‘බ්ලූ ගෝස්ට්’ චන්ද්‍ර ගවේෂණ යානය, පෘථිවියෙන් නික්ම ගියේ පසුගිය ජනවාරි 15 වැනිදාය. පෘථිවි කක්ෂයේ සිට යානය සඳ බලා යන ගමනේ දී කෙමෙන් කෙමෙන් ඈත් වන පෘථිවියේ දසුන් පවා යානයේ කැමරාවල සටහන් විය. ඒවා ද පෘථිවියට ලැබී ඇත.
පෘථිවියෙන් නික්ම ගොස්, කිලෝ මීටර් 384,400 ක ගමනකින් පසු, ‘බ්ලූ ගෝස්ට්’ යානය, සඳ ආසන්නයට පැමිණ, පසුගිය පෙබරවාරි 13 වැනිදා සඳුගේ කක්ෂයකට පිවිසුණු ‘බ්ලූ ගෝස්ට්’, දින 16 ක් සඳ වටා කක්ෂගතව සිටියේය. එසේ සිටිද්දී, සඳුගේ වටකුරු පෘෂ්ඨය පිටුපසින්, පෘථිවිය නැගී එන අයුරුත් බැස යන අයුරුත් දැක්වෙන විස්මිත දසුන් ද පෘථිවියට එවීමට කටයුතු කළේය.
පසුගිය පෙබරවාරි 18 වැනිදා, යානය එහි තෙරපුම් පද්ධතිය පණ ගන්වා, සඳුගේ පහළ කක්ෂයකට පිවිසිණි. ඒ සඳට ගොඩබෑමේ අරමුණින්ය. යානය සඳුගේ පහළ කක්ෂයට පිවිසෙද්දී එය, සඳුගේ කක්ෂයේ වට දෙකක් සම්පූර්ණ කර තිබුණි. අද (2) ‘බ්ලූ ගෝස්ට්’ සඳට ගොඩබෑවේය.
‘බ්ලූ ගෝස්ට්’ ගවේෂණ යානයේ කටයුතුවලට ඇමෙරිකන් නාසා ආයතනය ද සම්බන්ධ වී සිටී. එසේ වුවත් ‘බ්ලූ ගෝස්ට්’ මෙහෙයවන්නේ ද මෙම ‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ සමාගමය. නාසා ආයතනයට අයත් විද්‍යා උපකරණ, ඇතුළු තවත් උපාංග 10 ක් ‘බ්ලූ ගෝස්ට්’ යානයට සවි කර ඇත. සඳ මතුපිට ගවේෂණය සහ සිතියම්ගත කිරීමට අවශ්‍ය උපාංග ද ඒ අතර වෙයි.
(ඩේලිමේල්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිල් භූතයා හඳට ගොඩබසී
Nilmini Sunday, 02 March 2025 04:39 PM
චිචී චික් චික් කියමින් ලංකාවෙන් යැවූ යානය තවමත් එහේ මොකද කරන්නේ කියලා බලාගෙනම එන්න කියන්නකෝ..!